නොඇසෙන හඬට විසඳුමක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 27, කොළඹ (LNW):

පූර්ණ හෝ අර්ධ දෘෂ්‍යාබාධිත තත්වකට පත්වූ හෝ යම් ශාරීරික ආබාධයකට පත්වූ ඡන්දදායකයකුට ඡන්දපොළේදී ඡන්ද පත්‍රිකාව සලකුණු කර ගැනීම සඳහා සහායකයකු කැටුව යා හැකි පරිදි නීති ප්‍රතිපාදන සලසා ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

එහෙත් එම කැටුව යන සහායකයා වයස අවුරුදු 18 ට සම්පූර්ණ වූ අයකු විය යුතු අතර එසේම ඔහු මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් නොවන්නකු විය යුතු බවද පැවසේ.

තවද, එම සහායකයා මෙම ඡන්ද විමසීමේදී යම් අපේක්ෂකයෙකුගේ බලයලත් නියෝජිතයෙකු, ප්‍රාදේශීය නියෝජිතයකු හෝ ඡන්දපොළ නියෝජිතයකු වශයෙන් කටයුතු නොකරන්නකු විය යුතු බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.

යම් ඡන්ද දායකයකු සහායකයකු කැටුව යාම සඳහා ජනාධිපතිවරයා තෝරා ගැනීම පිළිබඳ පනතේ පස්වන උපලේඛනයෙන් හඳුන්වා දී ඇති යෝග්‍යතා සහතිකයක් අදාළ ඡන්දපොළෙහි නිලධාරීන් ට ඉදිරිපත් කළ යුතු අතර එම යෝග්‍යතා සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරී කාර්යාලයෙන් හෝ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද දන්වා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...