පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් හරිය මෙන්න!

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ තේමාව සම්බන්ධයෙන් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අදහස් දක්වා තිබුණා.

ඒ අනුව පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් දේවල් ලෙස මන්ත්‍රීවරයා දක්වා තිබුණේ මෙපරිද්දෙන්.

” මම දැක්කා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මැතිවරණ තේමාව විදිහට දාලා තියෙනවා පුළුවන් ශ්‍රී ලංකා කියල. ඒක දැක්කම මට හිතෙනවා ඔව් පුළුවන්. මොනවද පුළුවන්. හෙන ගහනවා වගේ බදු ගහන්න පුළුවන්. අහස උසට බඩු මිල බස්සන්න පුළුවන්. කරන්ට් බිල වතුර බිල 300%කින් විතර නග්ගන්න පුළුවන්. ජනතාවගේ රීරි මාංශ උර බොමින් ජීවන වියදම ඉහළටම ගෙනියන්න පුළුවන්. ඒ විතරක්ද ඒ කට්ටියට පුළුවන් බාල බෙහෙත් ගේන්න පුළුවන්. බෙහෙත් වලින් හොරකම් කරන්න පුළුවන්. තෙල්වලින් ගල් අඟුරුවලින් ගෑස්වලින් හොරකම් කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලයේ අනුමත කරල VFS ගනුදෙනු වෙනුවෙන් ඩොලර් බිලියන දෙකයි දශම හතයි පහක් කෝටි අනුදාහක් හොරකම් කරන්න ට්‍රයි කරන්න පුළුවන්. ඩොලර් බිලියන 2.75 කියන කොටම මගේ ඔළුවට ආවේ බංකොලොත් වෙච්ච රට ගොඩ දාන්න IMF එක වාරික ගණනාවකින් දෙන්නෙත් ඩොලර් බිලියන 2.9යි.එතකොට VFS මංකොල්ලය හරහා එකපාර ඩොලර් බිලියන 2.75යි නම් ඒකට ගෑස් වලින් තෙල් වලින් ගල් අඟුරුවලින් සහ බාල බෙහෙත්වලින් ගහපු ගාන බැලුවහම ඩොලර් බිලියන තුනකට වඩා වැඩිවෙනවා. ඒ කියන්නේ බංකොලොත් රට ගොඩදාන්න IMF එක දුන්න මුදලට වඩා පුළුවන් ශ්‍රී ලංකා කණ්ඩායමට පුළුවන් ඩොලර් බිලියන තුනකට වඩා ගහන්න සෙට් වෙන්න.” යනුවෙනුයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හබරාදුව අනතුර: පාසල් ළමුන් රැගත් බස් රථයක් දුම්රියක ගැටිලා!

කොළඹ LNW:හබරාදූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී, බස් රථයක් දුම්රියක...

මැදපෙරදිග නවතම යුද තත්ත්වය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : මැදපෙරදිග කලාපය තුළ...

ලිට්‍රෝ වෙතින් නිවේදනයක්!

වෙළඳපොළේ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා,...

ඉහළ යන තෙල් මිල හමුවේ ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය වේගවත් කිරීමට සිතුවත් බාධා රැසක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකාව පුනර්ජනනීය...