ඔය අපේක්ෂකයින්ගේ වත්කම් ප්‍රකාශ බොරු. ඔය ඔක්කොම කළු ආර්ථිකයේ ඉන්න පල් හොරු – දිලිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් සියලුම දෙනා පාහේ ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශවලින් ඉදිරිපත් කර ඇත්තේ අසත්‍ය තොරතුරු බවත් ඔවුන් ආදායම් බදු නොගෙවා කළු ආර්ථිකයක කොටස්කරුවන් බවට පත්ව සිටින බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක දිලිත් ජයවීර මහතා පවසයි.

“මම දැක්කා ජනාධිපති අපේක්ෂකවරුන්ගේ මාසික ආදායම. අපිට දුක හිතුණා. හරිම පව්. ඒගොල්ලන් මාසෙට රුපියල් ලක්ෂෙන් දෙකෙන් ජීවත් වෙන්නෙ. ඕගොල්ලන්ටත් ජීවත් වෙන්න බැරි ගාණකින් ඒගොල්ලන් ජීවත් වෙන්නෙ. මම අභියෝග කරනවා ඔය ඉන්න හතර පස් දෙනාටම එක මල්ලේ දාලා කියන්නෙ, එක තඹ සත පහක් බදු වශයෙන් ගෙවලාත් නෑ. ඔය රුපියල් ලක්ෂ දෙකෙන් ජීවත් වෙනවා, ලක්ෂ තුනෙන් ජීවත් වෙනවා කියපු ඔක්කොම කළු ආර්ථිකයේ ඉන්න පල් හොරු රැලක්. මම බලාපොරොත්තු වෙනවා අපේ ජනාධිපතිතුමා ළඟදී විශ්‍රාම ගියාම ඒකෙන් පස්සේ එතුමාට අපි පාරිතෝෂික දීමනාවක් මං ගාණෙ පෞද්ගලිකව මගෙන් දෙන්න. පව්නෙ. කොහොමද ලක්ෂ දෙකෙන් ජීවත් වෙන්නෙ ? බයිසිකලේකට පෙට්‍රල් ගහගන්නවත් බෑ. මේවා විහිළු”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...

දියගමට පරිසර හිතකාමී කෙළි බිමක්…?

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): පරිසර හිතකාමී...