සැබෑ තානාපතිවරු වන්නේ වොෂින්ටන් විහාරාධිපති  ධම්මසිරි නාහිමි ඇතුළු හිමිවරුයි – තානාපති මහින්ද. 

Date:

අශෝක ජයතුංග

අගෝස්තු 28, වොෂින්ටන් LNW :

ධම්මසිරි නාහිමිගේ වසර 65 ක සාසනික හා සමාජ මෙහෙවරට 75 වන උපන්දිනය දා උපහාර පිදේ.

මා ඇතුළු ඇමෙරිකාවට එන දියලු දෙනා තාවකාලික තානාපතිලායි.මේ රටේ ස්ථිර තානාපතිවරු වන්නේ මෙරට ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරය වන වොෂින්ටන් විහාරාධිපති මහරගම ධම්මසිරි නාහිමි ඇතුළු ඇමෙරිකාවේ නිත්‍ය ලෙස පදිංචි හිමිවරුයි” ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ වසර 37 ක් ඇමෙරිකාවේ වෙසෙමින් ජීවිතයෙන් වසර 65 ක සුවිශේෂ සාසනික හා සමාජ සේවාවක් සිදුකල ධම්මසිරි නාහිමි ගේ 75 වන ජන්මදින සැමරුම ගේදර්ස්බර්ග් භාවනා මධ්‍යස්ථානයේදී පැවැති චාම් හා භාම්භීර උත්සවයේදීය. විජිනිපත පිරිනැමීම ද තානාපති අතින් සිදු කෙරිණ. එම අවස්ථාවට ලංකාව කැනඩාව ජපානය හා ඇමෙරිකාවේ ප්‍රාන්ත වලින් වැඩමකල 60 කට අධික සංඝරත්නය ද සහභාගී වුහ.  ඇමෙරිකාවේ සෙනෙට් හා කොංග්‍රස් මණ්ඩල සාමාජිකයින්  වීඩියෝ සුබ පැතුම් එවා තිබූ අතර අමෙරිකානු ජනපතිවරණය නිසා මෙම අවස්ථාවට එක්වීමට නොහැකිවීම ගැන කනගාටුව ප්‍රකාශ කොට තිබිණ. තවද 400 කට ආසන්න ලාංකිකයන් හා සෙසු  පිරිසක් ඊට එක්වූහ. ඒ වෙනුවෙන් මුදුණය කල “දිවි සැරියක දම්සිරිය” සමරුවට  නිකාය හතරේ මහනාහිමිවරු හා අනුනායක හිමිනමක් මෙන්ම අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්දව හා බුද්ධ ශාසන හා සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහත්වරු ධම්මසිරි නාහිමිගේ සේවාව අගයමින් නිවෙිදන නිකුත් කොට තිබිණ.

වැඩිදුරටත් කතාකල තානාපති සමරසිංහ මහතා : බුදුදහමයි අපේ සංස්කෘතියයි වසර 2500 ක් පවතින්නේ සඝරුවන නිසයි.  වසර 450 ක් රටවල් 03 කට ලංකාව යටත්ව සිටියා. පෘතුගීසි යුගයේදී ආර්ථික හා ආගමික න්‍යාය පත්‍රයකුත් ක්‍රියාත්මක වී තිබෙනවා. බලෙන් හා විවිධ වරප්‍රසාද දී එම ආගම් වලට බඳවාගෙන තියෙනවා. ඔිලන්ද යුගයේදී පෝය නිවාඩුව අහෝසි කළ විට වෙසක් සැමරීමට පවා බාධා ආවා.  බ්‍රිතාන්‍ය යුගයේ 1817 දී පෝය නිවාඩුව අහෝසිකර ඉරිදා නිවාඩුව ලබා දුන්නා. 1818 ඌව වෙල්ලස්ස කැරැල්ලටත් එම සිද්ධිය හා තව බොහෝ දේ බලපෑවා. එම වසරේ භික්ෂුන් දහස් ගණනක් ඝාතනය වුණා. මානව හිමිකම් ගැන එදා කවුරුත් කනා කළේ නෑ. ඒ සියලු රටවල් සමඟ ලංකාව අද සහජීවනයෙන් ක්‍රියා කරනවා. ඊට ත් බුදුදහමේ හරවත් ඉගැන්වීම් ඉවහල් වුණා!

“අද ඇමෙරිකාවේ අපේ පංසල් 80 තියෙනවා. ඒවා පිහිටවීමට මේ රට සහාය  මිසක බාධා කළේ නැතිවීම කෘතවේදීව සිහිපත් කරනවා. වොෂින්ටන් විහාරය හා මෙම භාවනා මධ්‍යස්ථාය ඉදිරිපිට පල්ලි තිබුණත් ඔවුන් හා එම බැතිමතුුන් බාධාවක් කළේ නැහැ. ඇමෙරිකාවේ තිබෙන එම ආගමික නිදහස අද ලංකාවේත් තියෙනවා. භික්ෂූන් එය රැකගත්තා. අපි උන්වහන්සේලාට ගරු කරන්නේ දිවි හිමියෙන් කළ ඒ පරිත්‍යාගය නිසා බව මෙහි සිටින ඇමෙරිකානු මිත්‍රයින්ට මම මතක්කරලා දෙනවා” යයිද තානාපති සමරසිංහ මහතා පැවසීය.

ධම්මසිරි නාහිමි ද මෙහිදී අදහස් පළකළේය ; “තානාපතිතුමා හා එම කාර්ය මණ්ඩලය හා දායක සභාවේ කැපවීම නැතිනම් මේ උත්සවය මෙපමන අලංකාර වන්නේ නැහැ.  අපේ විහාරය හා ඇමෙරිකාවේ සියලු විහාර වල උත්සවයක් හෝ ගැටලුවක් වේ නම් සමරසිංහ තානාපතිතුමා පෙරමුණ ගැනීම අපට විශාල ශක්තියක්.  මා අතින් බුදු දහමට හා සමාජයට සිදුවූ සේවාව තව දුරටත් කරගෙන යාමට අද ලැබූ මේ උපහාරය ලොකු ශක්තියක් වෙිවි”

ලාංකිකයන් ඉන්දියානු හා බංගලි දේශ ජාතිකයන් රැසක් එක්වීමෙන් උත්සවය වර්ණවත් විය. වල්පොල පියනන්ද,  කටුගස්තොට උපරතන , කරපුටුගල ඉන්දරතන නාහිමිවරු ඇතුළු විශාල පිරිසක් අදහස් පළ කරමින් ධම්මසිරි නාහිමිගේ සේවය අගය කරමින් තිර ජීවනය ප්‍රාර්ථනා කළහ. නීතීඥ සේන බස්නායක මහතා ස්තුති කතාව කළේය. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...