මම මීට අවුරුද්දකට කලින් ලිව්ව ‘අනුර දිනන්නෙත් අනික් අය දිනපු විදියටම තමයි’ කියල. ඒ කියන්නේ මීට කලින් ලංකාවේ පාලකයෝ මේ සිස්ටම් එකේ සයින්ස් (signs) එක්ක එකඟව වැඩ කළා වගේ අනුරටත් මේ සිස්ටම් එකේ සංඥා එක්ක එකඟව වැඩ කරන්න වෙනවා කියන එක.
අවම වශයෙන් සිස්ටම් එකේ සංඥා කොච්චර ප්‍රභලද කියනවා නම් සිස්ටම් එක වෙනස් කරනවා වෙනුවට (හෝ වෙනත් සංඥා ප්‍රමාණයක් එක්ක වැඩකරනවා වෙනුවට) මේ සිස්ටම් එකේ සංඥා සමඟ වෙස්වලා ගැනීමට හෝ සිද්ද වෙනවා. ඒක තමයි මහින්ද කලෙත්.
දැන් මෙහෙම හිතමු. දැන් ඔය අනුර සහෝදරයා මෙහෙම කරන්නේ ගොඩක් ජනතාව අතරට යන ජනප්‍රියවාදයක (ජනකාන්තවාදයක) ඉන්න නිසා. නැත්නම් ඇත්තටම එයා එහෙම නෙවෙයි. ඇතුලෙන් ඇත්තටම රැඩිකල්.
එහෙම උනත් මෙතන අපිට පිළිගන්න වෙන දේ තමයි සිස්ටම් එකේ තියන ප්‍රභලත්වය සහ තීව්‍රබව (intensity) කොච්චරද කියනවා නම් සිස්ටම් එකට අභියෝග කරනවා වෙනුවට අවම වශයෙන් සිස්ටම් එක ඇතුලේ වෙස්වලාගන්න (disguise) හරි වෙනවා කියන එක.
මගේ තර්කය නම් අනුර කරන්නේ සිස්ටම් සංඥා එක්ක සෙල්ලමක්. සහ වෙස්වලාගැනීමක්.
ඒ වෙස්වලාගැනීම ඇතුලේ තමයි මේ අංගුලිමාල දමනය සහ පිරිත් නූල් සහ ලීවයිස්, හියුගෝ බොස්, කැල්වින් ක්ලීන් අපිට පේන්නේ.
මේ පසුනූතන වෙනස වෙනුවෙන් බ්‍රෝදීලා වචන දෙකක් යොදනවා. ඒ ‘ෆුකෝ අමතක කරමු’ කියන යෙදුමත් එක්ක. ඒ වචන දෙකෙන් එකක් disguise (වේශ නිරූපණය). අනික camouflage (මුළාකිරීම).
ඒ නිසා අනුරටත් නොදැනීම සහ මාලිමාවටත් නොදැනීම අලුත් අර්ථ ගණනාවක් මේ ඔස්සේ නැවත නිර්මාණය වෙනවා. ඒ ගැන මිනිස්සු කතාකරන්න ගන්නවා. ඒකට බැනල වැඩක් නැහැ.
ඇත්තටම නිර්මාණය කරන්න ඕනි අනුර වෙනුවට වෙනත් අනුරලා ගණනාවක් මේ සංඥා පද්ධතිය ඔස්සේ නිර්මාණය වෙනවා (multiple meanings). සමහර ඒවා ධනාත්මක වෙනකොට සමහර ඒවා නිශේධනාත්මක වෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. හිත හදාගෙන මේ විදියට යන්න වෙනවා.
සයින්ස් වෙනස් උනේ නැහැ. අන්තිමේ සයින්ස් වෙනස් කරන්න ගිය අයට වෙනස් වෙන්න උනා.
හැබැයි අපරාදේ මෙච්චර කල් මේ සිස්ටම් එක එක්ක ඔට්ටු උණේ…
න්‍යායික වචනයකින් කිව්වොත් මෙච්චර කල් කරපු ලිබිඩෝ ආයෝජනය අපරාදේ.
~ මහේෂ් හපුගොඩ
RN