ජාතිය ගොඩගන්න රනිල්ගේ වේදිකාවෙන් පොහොට්ටු රෝහිත යළි කරළියට!

Date:

කොළඹ LNW: එදා පක්ෂ ලෙස බෙදී වෙන්වී ජනාධිපතිවරයෙක් පත්කර ගැනීම වෙනුවට අද ජාතියේ වගකීම ඉටු කිරීම වෙනුවෙන් සියලු දෙන එකට එකතු වී සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව ජාතියේ ජයග්‍රහණය වෙනුවෙන් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති ලෙස පතක්ර ගත යුතුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

”තමුන්නාන්සේලා අපි මීට පෙර ජනාධිපතිවරණ වෙලාවේදී අපි ජනාධිපතිවරයෙක් හදන්නේ එක පක්ෂයකින්. අපි එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති ලෙස පත්කර ගත්තා. ඊට පස්සේ අපි මහින්ද රාජපක්ෂ අපේ සදාදරණිය නායකයාව එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයෙන් පත්කරගත්තා. ගෝඨාභය ජනාධිපතිතුමාව අපි පොහොට්ටුවෙන් පත්කරගත්තා. හැබැයි අද ජාතියේ වගකීමක් ඉටුකරන්න මේ රට ඉදිරියට ගෙනයාමේ වගකීම වෙනුවෙන් අද පක්ෂ ගණනාවක් එක වේදිකාවකට එකතු වෙලා තියෙනවා. වෙනදා බෙදිලා,වෙන්වෙලා රණ්ඩු කරගෙන බැනගෙන හිටපු පක්ෂ ගණනාවක් අද එක වේදිකාවකට ගෙනල්ලා තියෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්සත් ජාතික පක්ෂය,ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය,මහජන එක්සත් පෙරමුණ,මහජන පක්ෂය,සී ඩබ්ලිව් සී පක්ෂය ගණනාවක් එකට එකතු වෙලා තියෙන්නේ වෙන කිසිවකට නෙවෙයි ජාතියේ ජයග්‍රහණය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාව නැවත ජනපති කරවන සටනටයි අපි එකතු වෙලා ඉන්නේ.” යනුවෙන් මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...