පෝලිම් නැති කළා කිව්වාට පාස්පෝට් පෝලිම දික්වෙනවා. තාක්ෂණික පරිවර්තනයට නොයාම මීට හේතුවයි – නාමල්

සටහන – රුවන් නෙළුගොල්ල

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තාක්ෂණික පරිවර්තනයකට යොමුකිරීම ආරම්භ කළත් 2015 මැතිවරණ පරාජයත් සමග අවාසනාවන්ත ලෙස ඒ බොහෝ කාරණා නතර වුණු බවත් එයින් රට ආපස්සට ගිය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ ප්‍රතිපත්ති ඔබ හඳුනනවා. ඒක ඔබට සමීපයි. අවාසනාවට 2015 පරාජයත් එක්ක ඒ බොහෝ කාරණා නතර වුණා. රට ආපස්සට ගියා. පෝලිම් යුගය අයින් කළා කියලා කෑගැහුවාට එක පෝලිමක් අයින් වෙනකොට පාස්පෝට් පෝලිම එන්න එන්න දික්වෙනවා. මිල වැඩිකරලා අයින් කරන්න පුළුවන් පෝලිම්, පරිභෝජනය අඩු කරලා අයින් කරන්න පුළුවන් පෝලිම් අයින් කළා. තාක්ෂණයත් එක්ක බද්ධ වෙලා වැඩපිළිවෙලකින් අයින් කරන්න ඕනෙ පෝලිම අයින් කරගන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා. ඒ, අදාළ තාක්ෂණික පරිවර්තනයට මේ ආණ්ඩුව ගියපු නැති නිසා”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය : ඉදිරි කාලගුණය ගැන විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ඔක්තෝබර් 23) දිනය වනවිට ගිනිකොණ...

ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 11ක් වාන් දමයි!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් ප්‍රධාන ජලාශ...

ළමා හෘද රෝගීන් 13කට ‘Take Heart Mercy Mission’ විදෙස් වෛද්‍ය කණ්ඩායම වෙතින් හෘද සැත්කම්..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 22, කොළඹ LNW : ගාල්ල කරාපිටිය ජාතික...