රනිල්ට ජන්දේ දෙන්න හිටපු අය දැන් වේගයෙන් අපේ පැත්තට එනවා – මරික්කාර්

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජන්දය දීමට සිටි පිරිස් වේගයෙන් සමඟි ජන බලවේගය සමඟ එකතු වෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (30) සමඟි ජන සන්ධානයේ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

සමගි ජන බලවේගය ගෙන එන ඩිජිටල් ආර්ථික ක්‍රමවේදය වචනයකට සීමා නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

”කාර් එකයි ත්‍රි රෝද රථයටයි තෙල් ගහන විට එක ප්‍රමාණයකට තෙල් ගහන් පුලුවන් නමුත් ත්‍රි රෝද රථ රියදුරාට සහනාධාරයක් ලැබෙනවා. ඒ වගේම බදු ගෙවිය යුතු නමුත් බදු නොගෙවන පිරිස් මේ හරහා බදු දැලට හසු කරගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම සොරා කෑ දේපල නැවත පවරා ගැනීමේ පනත සමගි ජන සන්ධාන රජයක් තුළින් ගෙන එනවා. විදේශ ආයෝජන නැතිව රට ගොඩගන්න බෑ. අයෝජකයන් තුළ විශ්වාසය ඇති කරලා ආයෝජකයන් ගෙන්වාගෙන නිෂ්පාදන කර්මාන්තශාලා ඇතිකරන්න කටයුතු කරනවා.” යනුවෙන් ඔහු තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...