ජාතිකත්වය නමැති කටු ඔටුන්න පරදා, නයිජීරියාවේ විශ්ව රූ රැජින කිරුළ Adetshina ට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

සැප්තැම්බර් 02 ,(ලෝකය )අවුට්බවුන්ඩ් ටුඩේ: ජාතිකත්වය ගැන නොයෙකුත් ප්‍රශ්න මධ්‍යයේ Miss South Africa තරඟයෙන් ඉවත් වීමට සිදු වූ සුරූපිනියක් පිළිබඳව පසු ගිය දිනක ආන්දෝලනයක් ඇති විය.

මෙලෙස තම අයිතිවාසිකමට ප්‍රශ්නාර්ථයක් වුණු Chidimma Adetshina වෙනත් රටක රූ රැජින ලෙස කිරුළු පැළදීමට භාග්‍ය උදා කර ගැනීමට සමත් විය.

ඉකුත් සෙනසුරාදා නයිජීරියාවේ විශ්ව රූ රැජින ලෙස ඇය කිරුළු පැළඳීමත් සමඟ Adetshina ප්‍රීතියෙන් කඳුළු සැලුවාය.

“මෙම ඔටුන්න අලංකාරය සඳහා පමණක් නොවේ; එය එකමුතුකම සඳහා කැඳවීමක්” යැයි 23 හැවිරිදි නීති ශිෂ්‍යයාව සති කිහිපයකට පසු දැඩි මාධ්‍ය ආවරණයක් මධ්‍යයේ ප්‍රකාශ කළාය.

Miss South Africa තරඟයේ අවසන් තරඟකාරියක් ලෙස ඇය පිළිබඳ විවේචන රැල්ලක් ඇති කිරීමෙන් පසුව ඇයට නයිජීරියාවේ විශ්ව රූ රැජින සඳහා සහභාගී වීමට ආරාධනා කරන ලද අතර එහිදී ඇය ජයග්‍රහණය කිරීමට ද සමත් විය.

සුදුස්සාට ගරහන සමාජයක, සුදුස්සාට සුදුසු තැන කෙසේ හෝ ලැබෙනවා යැයි කියන කියමනය කඳිම නිදසුනක් Adetshina ගෙන් ලැබී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“Love Is Here” එන්න අපි වාඩි වෙලා කතා කරමු!

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW):  සෙනෙහස මෙන්ම මතකය...

ලයින් කාමර වෙනුවට තනි නිවාස:පවුල් 24ක් වෙත නව නිවාස ලබාදෙයි

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ලයින් කාමර වෙනුවට...

නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : යළිත් ඇදහැලෙන ...

ආපදා ගැන ඇත්ත හොයා ගන්න පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත් කරන්න.බලයත් අපිට දෙන්න – SJB හර්ෂණ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා...