*
Monday, September 30, 2024
spot_img

Latest Posts

තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරක් වෙන්න එපා – තලතාගෙන් ගැස්සෙන නිවේදනයක්!

කොළඹ LNW: ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ළඟා ගතයුතු නැති බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය තමන්ට අවබෝධ වූ සැණින් තමා එය හෙළිදරව් කිරීමට කටයුතු කළ බවයි ඇය සඳහන් කරන්නේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති තමා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොව ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීම බව යැයි සඳහන් කරයි.

තමන්ට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් නැති නමුත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී තමන්ට අවබෝධ වූ සත්‍යය ඉතා භයානක බවයි අතුකෝරල මහත්මිය පවසන්නේ.

ඒ බව වහා තමන් ජනතාවට කිවයුතු බවත් මෙහිදී තමන්ගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීම බවත් ඇය කියා සිටියි.

අද (30) දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඇය මේ බව කියා සිටියේ.

එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වෙයි.

”ඉදිරි ජනාධිපතිවරණයට අදාළ භයානක සිදුවීමක් පිළිබඳව මා පසුගියදා රටට හෙළිදරව් කළද මේ දිනවල විවිධ මාධ්‍ය ඔස්සේ නිතර ප්‍රචාරය වන්නේ මා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තනතුරට පත්වන බවකි. මෙය කිසිසේත්ම කා හට කුමන තනතුරක් ලැඛෙනවාද යන්න පිලිබඳ සාකච්ඡා කරන සාමාන්‍ය අවස්ථාවක් නොවේ.

එදා මා හෙළිදරව් කළේ තව සති තුනකින් සිදුවීමට නියමිත තීරණාත්මක සිදුවීමකට අදාළව මුලූ රටේම අවධානය යොමු වියයුතු අතිශය භයානක කාරණයකි. එය හුදු තනතුරක් හෝ වරප්‍රසාදයක් වැනි අතිශය සරල කාරණයක් පිලිබඳ සිද්ධියක් නොවේ.

මීට පෙර කැබිනට් අමාත්‍ය තනතුරුද ඇතුළුව විවිධ තනතුරු ගණනාවක් හොබවා ඇති මා හට මේ මොහොතේ අවශ්‍ය වන්නේ කිසිදු තනතුරක් හෝ වරප්‍රසාදයක් නොවේ. ඉහත කී අනාගත අවදානම පිළිබඳව මේ රටත් ජනතාවත් දැනුවත් කිරීමය. එය ඛෙහෝ දෙනා දැනටමත් දන්නා එහෙත් තම පෞද්ගලික වාසිය උදෙසා නොදන්නවාක් මෙන් සිටින්නා වූ භයානක සිදුවීමකි.

එහෙයින් මා මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරන්නේද ඒ පිළිබඳව සමස්ත රටවැසියාගේම අවධානය යොමු කරවීම සඳහා ය.

මා එදා දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බවය. එදා මුළු රටම නොමග ගිය ආකාරයටම ගෝඨාභය දෙවන කොටස යළි සකස්වෙමින් පවතින ආකාරය මට අවබෝධ වූ සැණින් මම එය ඔබට හෙළිදරව් කළෙමි. මා මගේ මන්ත්‍රී ධූරයෙන් පවා ඉවත් වූයේ එකී භයානක තත්වය රටට හෙළිදරව් කොට රටත් ජනතාවත් ඉන් මුදාගැනීම සඳහා ය.

මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? මට සජිත් ප්‍රේමදාස මහතා සමග පෞද්ගලික ගැටළුවක් ඇත්තේ නැත. එහෙත් ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී මට අවබෝධ වූ සත්‍යය ඉතා භයානකය. ඒ බව මා වහා ජනතාවට කිවයුතුය. මාගේ වගකීම වන්නේ කෙසේ හෝ යළිත් වරක් කවුරුන් විසින් හෝ එවැනි භයානක තත්වයකට මේ රට ඇද දැමීමෙන් වැළැක්වීමය. මේ රටත් ජනතාවත් එවැනි ආපදාවකින් බේරා ගැනීමය.

එහෙයින් මෙම ජනාධිපතිවරණයේදී ඔබ හුදු ප්‍රචාරක රැළිවලට අසුවිය යුතු නැත. ඔබ තෝරාගන්නා අපේක‍ෂකයාට රටක් පාලනය කළ හැකිද යන කාරණය එක් වරක් නොව සිය දහස් වරක් කිරා මැන බැලිය යුතුය. මෙය නායකයින් පුහුණු කරන අවස්ථාවක් නොවන බව ඔබ හොඳින් වටහා ගත යුතුය. මෙය කිසිවකු රටේ නායකත්වය සඳහා අත්හදා බැලිය යුතු වෙලාවක්ද නොවේ.

එහෙයින් මේ රටේ ජනතාව තවත් ගෝඨාභය කෙනෙකුගේ අපරිණත බවේ ගොදුරු බවට යළිත් පත්විය යුතු නැත. අද බොහෝ දේශපාලනඥයින්ට එය අදාළ නොවන්නේ ඔවුන් සියලූ දෙනාම තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනවා මිස රට ගැන හෝ ජනතාව ගැන කැක්කුමකින් කටයුතු නොකරන අය නිසාය. ඒ බවට සාක‍ෂි කොතෙකුත් ඇත.

එම නිසා එළඹෙන ජනාධිපතිවරණයේදී හුදු සන්ධානවාදී ප්‍රචාරක ක්‍රමවලින් රටත් ජනතාවත් මුලා කරන කිසිවකුට අසුනොවී සමාජ ආර්ථීක හා දේශපාලන වශයෙන් ස්ථාවර මට්ටමකට අපේ රට ඔසවා තැබිය හැකි නායකයකු තෝරා ගන්නා ලෙස මම ඔඛෙන් ඉල්ලමි.”

තලතා අතුකෝරළ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan