යේමනයට බලපෑ ගංවතුර හේතුවෙන් 100කට අධික පිරිසක් මිය යයි

Date:

සටහන : සශිකලා මධුෂාණි
අගෝස්තු මස 31: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : අධික වර්ෂාව නිසා යේමනයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් 38 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, වසර ගණනාවක යුද්ධයෙන් දැනටමත් අවතැන් වී හදිසි මානුෂීය ආධාර අවශ්‍ය වන මිලියන 4.5 ක යේමන වැසියන්ගේ තත්වය ගංවතුර හේතුවෙන් වඩාත් නරක අතට හරි ඇති අතර අවම වශයෙන් රට පුරා නිවාස 56,000 කට බලපා තිබේ.

2014 දී කැරලිකාර හවුති හමුදා සානා අගනුවරට කඩා වැදී ජාත්‍යන්තරව පිළිගත්, සෞදියේ පිටුබලය ලත් රජය පෙරළා දැමීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධයක් ඇති වූ අතර මේ වන විට එය සෞදි අරාබිය ප්‍රමුඛ සන්ධානයක් සහ ඉරානයේ පිටුබලය ලබන හූතිවරුන් අතර පුලුල් යුද්ධයක් දක්වා පැතිර ගොස් ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝකයේ දරුණුතම මානුෂිය අර්බුදයන්ගෙන් එකක් වශයෙන් මෙය හඳුන්වා ඇති අතර අවතැන් වූ පවුල්වලින් 85% කට ඔවුන්ගේ දෛනික ආහාර අවශ්‍යතා සපුරාලීමට නොහැකි වී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වහාම ක්‍රියාත්මක වන පරිදි ආණ්ඩුකාර ලීසා කුක් ෆෙඩරල් සංචිත පාලක මණ්ඩලයෙන් ඉවත් කිරීමට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 26:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතුයි – ජනපති අනුර

රෂිකා හෙන්නායක අගෝස්තු 26, කොළඹ LNW: අද (26) කොළඹ දී...

මධ්‍යම පරිසර අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

සටහන - රුවන් නෙළුගොල්ල මධ්‍යම පරිසර අධිකාරියේ පුරප්පාඩුව පැවති අධ්‍යක්ෂ...

හෙල්ලක් නොවන දුන්නක් …

නිශ්මං රණසිංහ අගෝස්තු 26, කොළඹ LNW: හෙල්ල කියන්නෙ අද යුද අවියක්...