රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සිදුව තිබෙන්නේ, දක්ෂිණ අධිවේගී මාර්ගයේ 118 කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.
මෝටර් රථය මාර්ගයේ නවතා තිබූ අතර කොළඹ ප්‍රදේශයේ සිට මාතර බලා ධාවනය කෙරෙමින් තිබූ ලොරි රථය එහි ගැටී තිබෙන අතර, එසේ ගැටීමත් සමඟ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන නැවත මාර්ගය වැටී ඇති බව සිද්ධිය දුටුවන් පවසති.
මෝටර් රථයේ රියදුරු පමණක් ගමන් කර ඇති අතර ඔහුගේ ගෙල ප්‍රදේශයට පහළින් දැඩි කැපුම් තුවාල සිදුව ඇති බවයි වාර්තා වන අතර, සිද්ධිය වන අවස්ථාවේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 1975 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ පිරිසක් මෙම මාර්ගයේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත්කර ඇත.