අපේ නායකයෝ පිටිපස්සෙන් ඇවිත් පිහියෙන් අනිද්දී ඩලස්ට සහය දුන්නේ සජිත්!

Date:

කොළඹ LNW:එදා අපේ නායකයින් පිටුපසින් පැමිණ පිහියෙන් අනින වෙලාවේ තමන්ගේ දේශපාලන මතවාදයෙන් බැහැර වී පොදු වුවමනාවක් වෙනුවෙන් පෙනී සිටියේ සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

එදා පාර්ලිමේන්තුවේදී සජිත් ප්‍රේමදාස මහතා තමන් වෙනුවෙන් පෙනී සිටියේ රට මුහුණ දී සිටින අර්බුදය ගැන වූ මනා වැටහීමකින් බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

”2022 ජූලි මාසේ 20 වැනිදා පාර්ලමේන්තුවේදී රටේම නායකත්වය මාතරට ගෙන්න අවස්ථාවක් උදා වුණා. හැබැයි කවුද ඒක නැති කළේ. ඒක නැති කළේ වෙන කවුරුවත් නෙවෙයි අපි අසීමිතව බලාපොරොත්තු තියල බලයට පත්කරපු පක්ෂයේ ප්‍රධානීන් ඒ අවස්ථාව මඟ හැරියා. ඒ වෙලාවේ තමන්ගේ දේශපාලන මතවාදයෙන් බැහැර වෙලා ගිහිල්ලා සමස්ත විපක්ෂය එකතු කරලා මේ අර්බුදකාරී වෙලාවේ ජාතික ආණ්ඩුවක් හදන්න තමන්ගේ අපේක්ෂකත්වයෙන් ඉවත් වෙලා සජිත් ප්‍රේමදාස මහත්තයා තීන්දුවක් ගත්තා නෑ මේ වෙලාවේ රට වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ඩලස් අලහප්පෙරුමට මේ වෙලාවේ අපි සහයෝගය දෙන්න ඕනේ කියල. ඒ පුද්ගලික ආදරයකට නෙවෙයි. පුද්ගලික සම්බන්දෙකට නෙවෙයි.එහෙම කළේ රටේ අර්බුදය ගැන මනා වැටහීමකින්. සෑම දේශපාලන මතවාදයකම එකතුවක් අවශ්‍යයි කියන විශ්වාසයෙන් තමයි එදා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ තීන්දුව ගත්තේ අපේම නායකයෝ පිටිපස්සෙන් ඇවිල්ලා අපිට පිහියෙන් අනින වෙලාවේ” යනුවෙන් අලහප්පෙරුම මහතා සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකේය ගායන වංශකතාවේ සදාකාලික ‘රැජිණියනි’ හීන හතක් මැද ඔබ තැනු විමනේ සුවසේ නිදන්න !

සටහන : සශිකලා මධුෂාණි ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බැබලවූ...

රතු ගුරු පාරේ හැන්දෑවේ ඇය යන්න ගියා මැකිලා….

දෙසැම්බර් 31, කොළඹ LNW : මෙරට නොමැකෙන මතක රැසක් ඉතිරි...

ජොන්ස්ටන්ගේ පුත්‍රයා රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය...

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...