දිලිත්ගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත වේ!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

අද (31) පෙරවරුවේ, සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපාය මාර්ගික සැලැස්ම ජනගත කිරීමේ උත්සවය සිදු කෙරුණි.

දූෂිතයන්ට දඬුවම් කිරීම
රණවිරුවන් සුරැකීම
පාස්කු වින්දිතයන්ට යුක්තිය
ආර්ථික පරාධීනත්වය පිටුදැකීම
රාජ්‍යයේ ස්වාධීනත්වය තහවුරු කිරීම 
කුල පීඩා අහෝසි කිරීම
සමාජ කුමන්ත‍්‍රණ පැරදවීම

එය ප්‍රධාන කොටස් 61කින් සමන්විත වන අතර එකී අරමුණු ඉටුකර ගනු වස් සුවිශේෂී කරුණු 10කින් සපථ කර සිටී.

එහි ඇතුළත් කරුණු අතර,

මහාපරිමාණ ජාවාරම්කරුවන් විසින් රාජ්‍ය වාණිජ බැංකු දෙකට ගෙවීම් පැහැර හැර ඇති රුපියල් බිලියන 650කට අධිකණය නැවත අයකර ගැනීමත් වැරදිකරුවන්ට දඬුවම් කිරීම.

සැබෑ ලෙසම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බලා සාධාරණය ඉටුකිරීම සඳහා දේශීය යාන්ත‍්‍රණයක්
හඳුන්වාදීම.

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයින්ට සැබෑ ලෙසම සාධාරණය ඉටුකිරීමට සහ අනාගතයේ දී ආගමික අන්තවාදී
පීඩාවෙන් සමස්ත ජාතිය ගලවා ගැනීම.

රාජ්‍ය ආයතන විකිණීම වැළැක්වමින් එම ආයතන විධිමත්ව කළමනාකරණය කිරීම, පුද්ගලික ප‍්‍රාග්ධනය ආකර්ෂණය කරගැනීම සඳහා රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයන් ඇති කිරීම සඳහා රාජ්‍ය
ව්‍යවසායයන් මධ්‍යගතව පාලනය කිරීමට පාලක සමාගමක් ඇති කිරීම.

‘උරුමය’ ව්‍යාපෘතිය හරහා ගොවි ජනතාවට ලැබෙන ඉඩම් පසුකාලීනව අහිමිවීම වැළැක්වීම සඳහා එකී ඉඩම්
විකිණීමට අවශ්‍යවන අවස්ථාවන්හි මිලදී ගැනීම සඳහා ඉඩම් බැංකුවක් ස්ථාපිත කිරීම.

උතුරු හා නැගෙනහිර පළාත්වලට විශේෂිත වූ කුල පීඩනය අහෝසි කිරීම සඳහා දැනට පවතින සමාජ දුබලතාවන් වැළැක්වීමේ පනත (1957) ශක්තිමත් කිරීම හා බල ගැන්වීම. 

ඉන් කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ඊසානදිග...

මුදල් අමාත්‍යාංශයෙන් තවත් තීරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : පසුගිය දවස්වල සිදු...

හිටපු ඇමති සී. බී. රිමාන්ඩ් !

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය CB...

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...