නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි. යෝජනාව ඒකමතිකව සම්මතයි

0
2137

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

ඒ, එම සංගමයේ නීතීඥ කවුන්සිලය අද (31) රැස්වූ අවස්ථාවේදී ය.

ජයිකා ආයතනය විසින් දූෂණ විරෝධී ව්‍යාපෘතියක් සඳහා ලබාදුන් රුපියල් මිලියන 24ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් පිරිසකට චෝදනා එල්ල වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.