මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත්වීමේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා – සජිත්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ග්‍රාමීය, නාගරික, උඩරට වතු ක්ෂේත්‍රය, පහතරට වතු ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, මධ්‍යම පාන්තික පිරිස්, ආපදාවකින් හානියට ලක්වුණු පුද්ගලයින් යන කොටස් සියල්ලේම නිවාස වැඩසටහන් එකට එක්කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ඉදිරි සමගි ජන බලවේගයේ රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය තමයි ගම් හදා, නගර හදා, රට හැදීම. අපේ ප්‍රතිපත්තිය තමයි නැවතත් වරක් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබාදීමේ ක්‍රමවේදය, අලුත් ගම් උදාව වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ රටේ ග්‍රාමීය, නාගරික, උඩරට වතු ක්ෂේත්‍රය, පහතරට වතු ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, මධ්‍යම පාන්තික පිරිස්, ආපදාවකින් හානියට ලක්වුණු පුද්ගලයින්, මෙන්න මේ කොටස් ගණනාවකගේම නිවාස වැඩසටහන් එකට එකතු කරලා ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කරලා, මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත්වීමේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ නාච්චාදූව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්. එම්. චන්ද්‍රසේන අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන අල්ලස් හෝ...

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...