එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින්නන්ට එරටින් පිටවීමට පොදු සමා කාලයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 31 , කොළඹ (LNW):

හෙට (01) සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා ,එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධිව රැඳි සිටින පුද්ගලයින්ට එරටින් පිටවීම සඳහා මාස දෙකක පොදු සමා කාලයක් ලබාදී තිබෙන බව , ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේය.

එරට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ, රේගු හා වරාය ආරක්ෂණය සදහා වන අධිකාරිය විසින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. 

සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට සහ වලංගු විසා නොමැතිව සිටින පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට හෝ අදාළ විසා ඇතුලු ලියකියවිලි නීත්‍යානුකුලව සකසා ගැනිමට අවස්ථාව හිමිවෙයි. පොදු සමා කාලය තුළදි විසා නීත්‍යානුකුලව සකසා ගැනිමට හෝ යළි ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිවිරෝධී ලෙස රැදි සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...