සංවිධානාත්මක අපරාධකරුවෙකු අත්අඩංගුවට!

0
310

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01 , කොළඹ (LNW):

නමගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන කරන්දෙනිය සුද්දාගේ ගෝලයෙකු හා තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

ඔවුන් සතුව තිබී හෙරොයින් හා ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර විශේෂ කාර්ය බළකාය විසින් ඇල්පිටිය පොලිස් වසමේ වතුරවිල හන්දියේ දී ඊයේ සිදුකළ වැටලීමක් අතරතුරදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණු අතර, එහි දී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 01, මිලි ග්‍රෑම් 200ක් සිය සන්තකයේ තබාගෙන සිටීම හා ගිනිඅවි ළඟ තබා ගැනීමට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් එම පුද්ගලයින් දෙදෙනා ව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.