ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම්!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Israeli military, Jenin area, West Bank, August 31, 2024. Israeli Army/Handout via REUTERS

බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ පිහිටා ඇති අවතැන් කඳවුරුවලට විදුලි බලය හෝ පානීය ජලය නොමැති බව වාර්තා වන අතර, බටහිර ඉවුරේ ප්‍රදේශ රැසකට විදුලි බලය , අන්තර්ජාල පහසුකම් ආහාර හෝ ජලය නොමැති බව ද ජගත් සංවිධානය නිවේදනය කරයි.

ජගත් සංවිධානය සඳහන් කරන්නේ, පොලියෝ එන්නත් ලබාදීම සඳහා ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරෙන අතරතුර බටහිර ඉවුර ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් සිදුකිරීම දැඩිව හෙළා දකින බවයි. පසුගිය පැය 24 තුළ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 61ක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...