සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සහාය මාලිමාවට!

Date:

කොළඹ LNW: සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයයේ සහය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

අද (02) එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් අතර හමුවක් පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී සිදු විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ, ජාතික ජන බලවේගයේ කර්මාන්තකරුවන් සම්බන්ධීකරණ නියෝජිතයෙකු වන අරුණ කාන්ත බණ්ඩාරද සම්බන්ධ වූ අතර සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ඇතුළු බහුදින ධීවර යාත්‍රා හිමියන් කිහිපදෙනෙක් එක්ව සිටියහ.

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ බිඳවැටී තිබෙන ධීවර කර්මාන්තය ඉතා ඉක්මණින් නගා සිටුවීම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් විශේෂයෙන්ම ලංකාවට විදෙස් විනිමය උපයා දෙනු ලබන මත්ස්‍ය අපනයනය විධිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.

මාලිමාවේ පාලනයක් තුළ ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා ඔවුන්ගේ යෝජනා මාලාවක්ද මෙහිදී ලබා දී තිබෙන අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සහායද ජාතික ජන බලවේගය වෙත ලබා දෙන බව ඔවුන් පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...

සැලකිලිමත් වන්න – තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් !

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...