සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සහාය මාලිමාවට!

Date:

කොළඹ LNW: සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයයේ සහය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.

අද (02) එම සංගමයේ නියෝජිත කණ්ඩායමක් හා ජාතික ජන බලවේගයේ කණ්ඩායමක් අතර හමුවක් පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේදී සිදු විය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභාව නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය ජනක් කුමාරසිංහ, ජාතික ජන බලවේගයේ කර්මාන්තකරුවන් සම්බන්ධීකරණ නියෝජිතයෙකු වන අරුණ කාන්ත බණ්ඩාරද සම්බන්ධ වූ අතර සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් ඇතුළු බහුදින ධීවර යාත්‍රා හිමියන් කිහිපදෙනෙක් එක්ව සිටියහ.

ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ බිඳවැටී තිබෙන ධීවර කර්මාන්තය ඉතා ඉක්මණින් නගා සිටුවීම සඳහා ඉන්ධන සහනාධාරයක් ලබා දීමටත් විශේෂයෙන්ම ලංකාවට විදෙස් විනිමය උපයා දෙනු ලබන මත්ස්‍ය අපනයනය විධිමත් කිරීමට වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබේ.

මාලිමාවේ පාලනයක් තුළ ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා ඔවුන්ගේ යෝජනා මාලාවක්ද මෙහිදී ලබා දී තිබෙන අතර ඉදිරි ජනාධිපතිවරණයේදී මාලිමාවේ අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සහායද ජාතික ජන බලවේගය වෙත ලබා දෙන බව ඔවුන් පවසා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපිට එකතු වෙමින් ඉන්නවා -නාමල්

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : මේ රටේ වෛද්‍යවරුන්ට...

රුසියා හමුදා බුද්ධි අංශ ජෙනරාල්වරයාට වෙඩි තැබීමේ සිදුවීමට අදාළව තිදෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 08, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා රුසියාවේ හමුදා...

රුපියල් බිලියනය බැගින් වන්දි ලබාදෙන ලෙස ඉල්ලා ඇමති නලින්දගෙන් විමල්ට එන්තරවාසියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: රුපියල් බිලියනය බැගින් වන්දි...

විදුලිය ඇනහිටීම්වල සිට ආහාර හිඟය දක්වා: ඇමරිකානු අවහිර කිරීම් කියුබාවේ ජීවිතය අඩපණ කරන ආකාරය

රෂිකා හෙන්නායක පෙබරවාරි 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත් ජනපදය...