*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

තෙල් පෝලිම් නැති කළේ රනිල් නෙවෙයි බැසිල්. ඕනෙ නම් දැන් ඉන්ටනෙට් එකේ ගහලා බලන්න – DV චානක

සටහන – රුවන් නෙළුගොල්ල

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවට ඇතැමුන් ප්‍රකාශ කළත් ඒ සඳහා අවශ්‍ය මුදල් සම්පාදන කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බැසිල් රාජපක්ෂ මහතා විසින් බවත් අදටත් මෙරටට ඖෂධ ගෙන්වන්නේ බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවෙන් ලබාගත් ණය ක්‍රමය හරහා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා පවසයි.

“මේ තෙල් පෝලිම් එහෙම නැති කළේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියලා හැමෝටම කියන්න පුළුවන්. හැබැයි මං හරිම ක්‍රමයට කිව්වොත් මේකට අවශ්‍ය මුදල් ටික හොයාගත්තෙ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්න වෙලාවේ, බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක අරගෙන එනවා ඩොලර් බිලියන 4.1 ක්. ඒකෙන් තමයි ලංකාවට තෙල් ටික අරගෙන ආවෙ, ඒකෙන් තමයි තෙල් පෝලිම් නැතිවුණේ. ඊටපස්සෙ ගෑස් ටික ගන්න, පොහොර ටික ගන්න, බෙහෙත් ටික ගන්න ලෝක බැංකුවේ ණය අනුමත වෙන්නෙ 2022 අප්‍රේල් 27. මම මේ දිනත් එක්ක කියන්නෙ, ඕනෙම කෙනෙකුට අභියෝග කරනවා බොරු නම් කියන්න, ඒකෙන් තමයි අදටත් බෙහෙත් ටික ගේන්නෙ. ඒ වගේම තමයි දැනට ඔය ක්‍රියාත්මක වෙන පන්සල්වල සූර්ය විදුලි ව්‍යාපෘතිය, මේ සියල්ලටම අදටත් ගේන්නෙ ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන්, එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ බැසිල් රාජපක්ෂ මැතිතුමා. හැබැයි මේ කාලය තුළ ගැප් එකක් එනවා සංචාරක කර්මාන්තය කඩාගෙන වැටිලා. එයාපෝට් වහලා තියෙද්දී බිලියන 4 – 5 ක ගැප් එකක් එනවා. මේක තමයි ආර්ථික අර්බුදය”

ප්‍රශ්නය – දැන් ඔබතුමා කියන විදියට ජනාධිපතිතුමාගෙ ප්‍රධාන සටන් පාඨ දෙකම ඉවරයිනෙ ? තෙල් පෝලිම්, ගෑස් පෝලිම්

“පැහැදිලිවම. මොකද මම දන්නවා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා විදියට කොහෙන්ද මුදල් ආවෙ කියන එක. ඒක හින්දා තමයි මම දින වකවානුත් එක්ක කිව්වෙ. ඔබතුමා රූපවාහිනී අරගෙන බලන්න ජුලි 09ට කලින්ද පස්සෙද තෙල් පෝලිම නැතිවෙලා තියෙන්නෙ කියලා. ඔබතුමා අරගෙන බලන්න 2022 මාර්තු ඉඳන් අගෝස්තු දක්වා තමයි අන්තිම අවුරුදු හතරේ වැඩිම තෙල් ආනයනය කරලා තියෙන්නෙ. QR කෝඩ් ක්‍රමයට, ඒකත් සලාක ක්‍රමයක් තමයි, ඒක ගේන්න අවසන් සාකච්ඡාව කංචන විජේසේකර ඇමතිතුමාගෙ ප්‍රධානත්වයෙන් තිබ්බේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉවත් වෙන්න දවස් තුනකට කලින්. ඒකට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරලා තියෙද්දී තමයි එතුමාට ඉවත් වෙන්න වුණේ. තෙල් පෝලිම නැතිකිරීමයි රනිල් වික්‍රමසිංහ මහතායි අතරේ සම්බන්ධයක් නෑ. දැන් ඕනෙ නම් ඔබතුමා ඉන්ටනෙට් එකේ ගහලා බලන්න රොයිටර්ස් එකේ තියෙනවා 2022 අප්‍රේල් 27 ….”

ඩී. වී. චානක මහතා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ පැවති සජීවී දේශපාලන විවාදයකට එක්වෙමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan