විමල් අදත් බැසිල්ට තලයි (VIDEO)

0
1296

අද (07) දින ද ක්‍රියාත්මක පාර්ලිමේන්තුවේ විශේෂ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ද විවාදයට එක්වෙමින් අදහස් දැක්වූ අතර පසුගිය දිනවල මෙන් සුපුරුදු ලෙස හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

අර්බුදය දැක දැකම එය විසඳනවා වෙනුවට එය උත්සන්න වීමට ඉඩ හැර ඔහු ඔහුගේ දේශපාලන මැච් එක ගැසීමට කටයුතු කරමින් සිටි බවටයි වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළේ.

අර්බුදය විසඳා ගැනීම සඳහා වූ කිසිදු යෝජනාවකට බැසිල් රාජපක්ෂ හිටපු මුදල් අමාත්‍යවරයා ඇහුම්කන් නොදුන් බව හෙතෙම අවධාරණය කරන ලදී.

”ද්විත්ව රටවැසියා,අවලස්සන ඇමරිකානුවා ඒ කිසිම අදහසකට ඇහුම්කන් දුන්නේ නැහැ.ඒ කිසිම අදහසක් සැලකිල්ලට භාජනය කළේ නැහැ. දැන් ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියල යනවා හැබැයි ඔය අවලස්සන අමරිකානුවා ගෙනාවා කැබිනට් පත්‍රිකාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයා යුත්තේ ඇයි කියල. මොකද අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරු යෝජනා කළා මූල්‍ය අරමුදලට යන්න කියල. ඔහුට ඕන වුණා මේ අර්බුදය උත්සන්න වෙන්න ඉඩහරින්න. ඉඩ හැරලා එයාගේ දේශපාලන මැච් එක ඒක අස්සේ ගහන්න. ගෝඨාභය රාජපක්ෂටත් මේක එපාවෙලා දාලා ගියාම මහින්ද රාජපක්ෂ මැතිතුමා අතේ තියෙන අගමැතිකමත් අරගෙන එයට ජනාධිපති වෙන්න බැලුවේ. මුළු බලය තමා අතට ගන්න. අන්න ඒ ආත්මාර්ථකාමී පරමාර්ථයෙන් මේ අර්බුදය දිහා බලපු නිසා තමයි මේ විදිහේ උත්සන්න වෙන තැනකට මේ රට ආවේ.”

කෙසේවෙතත් තවදුරටත් රට අරාජික වීමට,අස්ථාවර වීමට ඉඩ නොදී පොදු එකනගතාවකින් යුතුව කටයුතු කළ යුතුව ඇති බවත් මෙහිදී මේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ජනතා විශ්වාසය නොමැති හෙයින් ඔවුන් සම්පූර්ණයෙන්ම ඉල්ලා අස් වී සියලුම පක්ෂවල දායකත්වයෙන් අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවටයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here