ව්‍යාජ ඡන්ද ප්‍රතිඵල දැම්මොත් දඬුවම් !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කිරීමට පෙර හිතුමතේ බොරු දත්ත සමාජ මාධ්‍ය ජාලාවල පළකිරීම සහ දේශපාලන වේදිකාවල ව්‍යාජ ප්‍රතිඵල සඳහන් කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ව්‍යාජ ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම හෝ දේශපාලන වේදිකාවල තැපැල් ඡන්ද ප්‍රතිඵල සම්බන්ධව සඳහන් කිරීම රජයේ නිලධාරීන් අපහසුතාවට පත්කිරීමක් බවද ඔහු කීවේය.

මෙවැනි ව්‍යාජ ප්‍රතිඵල නිකුත් කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය වශයෙන් කටයුතු කිරීම සම්බන්ධවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත.

එමෙන්ම ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව මත විමසුම් කිරීමද මේ දිනවල සමාජ මාධ්‍යවල බහුලව දක්නට ලැබේ. ඒ සම්බන්ධවද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු ඉකුත් 04, 05 සහ 06 යන දිනයන්හිදී සාර්ථකව සිදුවූ බවත්, ඒ සම්බන්ධයෙන් කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය. තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිවූ රජයේ නිලධාරීන්ට මෙම 10 වැනිදා සහ 11 වැනිදා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල තුළදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා ඇති බවද වැඩිදුරටත් පැවසුවේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...