සුවිශේෂි මානසික සංවර්ධන මධ්‍යස්ථානයක් ප්‍රේමදාස පිටියේ ස්ථාපිත වෙයි.

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 07, (LNW) කොළඹ :

ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසික සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටළු විසදීමට සඳහා මානසික සංවර්ධන කටයුතු කරන නව මධ්‍යස්ථානයක් කොළම ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට අනුබද්ධව ඉදි කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන ඇත.මේ දක්වා මේ පහසුකම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේම ඉඩක් වෙන් කර තිබුණු අතර එහෙත් ඊට වඩා පුළුල් ලෙස මේ අවශ්‍යයතාවය ක්‍රියාත්මක කිරීම සඳහා නව මධ්‍යස්ථානය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපිත කිරීමට පියවර ගෙන ඇත.


ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් ගත් මේ පලදායි පියවර විවෘත කිරීම සභාපති ශම්මි සිල්වා අතින් සිඳු වූ අතර එම අවස්ථාව සඳහා උප සභාපති ජයන්ත ධර්මදාස,භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා ද ඊට එක්ව සිටියහ. අලුතින් පිහිටුවන ලද මානසික සංවර්ධන මධ්‍යස්ථානය උසස් ක්‍රිකට් විශ්ලේෂණ සඳහා මධ්‍යගත මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරයි.එසේම ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් සඳහා නව පහසුකම විශාල කණ්ඩායම් සඳහා පහසුකම් සපයමින් කුසලතා වර්ධනය, සහ පුහුණු කිරීම, සහ වැඩමුළු, උපාය මාර්ග සහ වීඩියෝ විශ්ලේෂණ සමාලෝචන සඳහා පහසුකම් සපයනු ඇත. සජීවී කාර්ය සාධන කඳවුරු මෙන්ම මාර්ගගත ආකාරයට ද මෙම මානසික සංවර්ධන මධ්‍යස්ථානය හරහා සේවය සැපයීමට අවශ්‍යය පියවර ගෙන ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...