එදා පැනල ගිය නායකයෝ අද සිහින විකුණන්න පටන් අරන් – ඇමති කංචන

Date:

කොළඹ LNW:එදා රට භාරගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීම් කරන විට පැන ගිය නායකයින් අද සිහින විකුණමින් සිටින බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේය.

එම නිසාම මෙය අත්හදා බැලීම් කළ යුතු කාලයක් නොවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

”රට ආර්ථික අර්බුදයට මුහුණ පෑ වෙලාවේ පොදු ජන පෙරමුණේ නායකයින් විපක්ෂයට ගියා. ජනතාව පීඩාවට පත් වන වෙලාවේ ජනතාවගේ දුක ඔවුන් දැක්කේ නැහැ. සමහරු දේශපාලනයෙන්ම සමුගත්තා. ණය ප්‍රතිව්‍යුහගත කරන්න බැහැ කියලා කිව්වා. ඩොලර් එක රුපියල් 700 යයි කියලා කිව්වා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ කණ්ඩායම්වලට අගමැතිකම ජනාධිපතිකම භාරගන්න කියා කිව්වා. රට තියෙන්නේ මරණීය තැනක කියලා එදා හර්ෂ ද සිල්වා කිව්වා. ඒ වෙලාවෙදි ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් කියලා කිව්වේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණයි.

අද සමහරු මැතිවරණ වේදිකාවේ සිහින විකුණනවා. නමුත් මේ රටේ අභියෝගය භාරගන්න ආරාධනා කළ විට පැනලා දිව්වා. ඒ කණ්ඩායම් අද ජනතාවට සිහින ලෝකයක් පෙන්වමින් යනවා. ඒ නිසා තමයි මේ මැතිවරණයේදී අත්හදා බලන්න යන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලන්නේ. නැවත අත්හදා බැලන්න ගියොත් රට යළි විනාශයට තල්ලු වීම වැළැක්විය නොහැකියි. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගියදා එළිදැක්වුවා. ඒක කණ්ඩායමක් මහනුවර දළදා මාලිගාව අබියස ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා. හර්ෂල, කබීර්ල කොළඹ දී ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වූවා. ජනාධිපතිවරණයට පෙර සමඟි සන්ධානයක් දෙකට කැඩිල ඉවරයි. ඒ නිසා පක්ෂය එකට තියාගන්න බැරි නායකයෙකුට රට භාර දෙන්න එපා”

කංචන විජේසේකර මහතා මෙම අදහස් දක්වා සිටියේ මොරවකදී පැවති පුළුවන් ශ්‍රී ලංකා ජන රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...