සැප්තැම්බර් 22 මම ක්ෂණිකව දිවුරුම් දෙනවා, ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා – අනුර

සටහන – රුවන් නෙළුගොල්ල

සැප්තැම්බර් 22 වනදා ජනාධිපතිවරණ සමස්ත ප්‍රතිඵලය නිකුත් වූ පසු තමන් ක්ෂණිකව ජනාධිපති ධුරයෙහි දිවුරුම් දී ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“මේ රට සැප්තැම්බර් 21 වෙනිදා අපට බාරදෙන්න. අපි එකින් එක මේක වෙනස් කරන්න පටන් ගන්නම්. ඉස්සෙල්ලාම සැප්තැම්බර් මාසෙ 22 වෙනිදා ප්‍රතිඵල එනවා. එක පැයක් මඟ හරින්නෙ නෑ, ක්ෂණිකව අපි දිවුරුම් දීලා ඉතා ක්ෂණිකව පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. මොකද තවදුරටත් මේ හොරුන්ට, වංචාකාරයන්ට, අපරාධකාරයින්ට මේ පාර්ලිමේන්තුවේ එක දිනක්වත් ඉන්න ඉඩදෙන්නෙ නෑ”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (09) තඹුත්තේගමදී පැවති ජන හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිහඬ මූර්තිවලටත් ජීවයක් තිබේද? ඇස් රවටන අපූරු කලා නිර්මාණ කිහිපයක් අදත්!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): සමහර විට ජීවය දැනෙන්නට හුස්මක්...

චාල්ස් රජු අරාබි බසින් ඕමාන සුල්තාන්වරයා පිළිගනී!

සටහන – පුලී ඔක්තෝම්බර් 21, LNW (කොළඹ): බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු, ඕමාන...

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...