ඉවතට විසිවූ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ නවතම ලැයිස්තුව!

0
1225

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 10, කොළඹ (LNW):

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙකු ධුරවලින් ඉවත් කර තිබෙන බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ තේනුක විධානගමගේ / ප්‍රසන්න රණවීර / ඩී වී චානක / ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ගීතා කුමාරසිංහ යන මහත්ම මහත්මීන් මෙසේ තනතුරුවලින් ඉවත්කර ඇති බවයි.

අදාළ ඉවත් කිරීම් අද සිට ක්‍රියාත්මක වන බව ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වවේ.