විධායක ජනාධිපති ක්‍රමය අපිට එපා – තලවාකැලේ දැවැන්ත විරෝධතාව අමතමින් සජිත් කියයි (VIDEO)

Date:

විධායක ජනාධිපති ක්‍රමය සහමුලින්ම අහෝසි කොට ඒ හරහා ඒකාධිපති ආඥාදායකත්වය සහමුලින් ඉවත් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටට අවශ්‍ය වන්නේ ලක්ෂ 220ටම නිදහසේ නිවහල්ව ජීවත් විය හැකි ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් බව පැවසූ විපක්ෂ නායකවරයා, ඒ වෙනුවෙන් කළ හැකි සියල්ල සිදු කරන බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ, ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සමගි ජන බලවේගයේ සන්ධානගත දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ උප සභාපති පලනි දිගම්බරම් මහතාගේ සංවිධායකත්වයෙන් තලවාකැලේ දී ඊයේ (07) පැවැත්වුණු දැවැන්ත විරෝධතාව අමතමිනි. එම අවස්ථාවට අති විශාල ජනකායක් පැමිණ සිටියහ.

ජාතිය ආගම් පක්ෂ පාට භේද නොතකා මහපාරට පැමිණි ජනතාවගේ හදගැස්ම ආණ්ඩුව තේරුම් ගත යුතු බවත් කිසිසේත් එවැනි තේරුම් ගැනීමට ආණ්ඩුව සූදානම් නැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සුවිශාල ප්‍රශ්න රැසක් මැද ජනතාවට ජීවත්වීමට සිදුව ඇති බවත් ඒ ප්‍රශ්න සියල්ල ආණ්ඩුව විසින් නිර්මාණය කළ ඒවා බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ජාති භේදය ආගම් භේදය පක්ෂ භේදය අවුස්සමින් ජනතා විරෝධය යටපත් කිරීමට කිසිවෙක් උත්සාහ කරනවා නම් සමගි ජන බලවේගය ඊට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය අරගලයක යෙදෙන බවත් ඒ මහතා අවධාරණය කළේය.

වතු කම්කරුවන් ලෙස දුක්විඳින ජනතාව වතු හිමියන් බවට පත් පත්කිරීමේ සිහිනය සැබෑ කිරිම වෙනුවෙන් තමන් ගත හැකි සියලූ ක්‍රියාමාර්ග ගන්නා බව ද විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...

උතුරේ සහ නැගෙනහිර ඇතැම් දේශපාලන පක්ෂ කිහිපයක් ජනතාව නොමග යවමින් සිටිනවා – ඇමති නලින්ද

රෂිකා හෙන්නායක අගෝස්තු 17, කොළඹ LNW: අද(17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ...

තමා ජනාධිපති ධුරය දරනතාක්කල් ෂිජින් පින් තායිවානය ආක්‍රමණය නොකරන බවට තමන්ට පැවසූ බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 17: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ට්‍රම්ප් බලයේ සිටින...

පිත්තෙන් මිනෙත් පන්දුවෙන් රයන් පෙරමුණට

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන...