“නිදහස් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි එය රැක ගන්න”- විපක්ෂ නායක සජිත්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ (LNW):

ඇතැම් දේශපාලඥයින්, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ බව පවසමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙන අතර, පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධ ඇතැමුන්ගේ දරුවන් පෞද්ගලික අධ්‍යාපනයට යොමුකර ඇති අතර ඔවුන් දේශපාලනයේ දී එක්මතයක හා පවුලේ සාමාජිකයින් වෙනුවෙන් තවත් මතයක සිටිමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවය.

“නිදහස් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. එය රැක ගන්න. හැබැයි ඒක ආරක්ෂා කිරීම කියන්නේ පරණ තත්ත්වයේම ඒක තියාගෙන අනිත් ඒවා තහනම් කිරීම නෙවේ. දැන් සමහරු එක වෙලාවක පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව කතා කරලා. දරුවෝ යවනවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල. බොහෝම හොඳයි.  දරුවොත් උපාධිය ලබනවා. දරුවොත් එක්ක සමූහ ඡායාරූපවලට ඉන්නවා. ඒ ඡායාරූප මුහුණු පොතේ දාලා පෙන්වනවා කොයි තරම් ආඩම්බරද අපි අපේ දරුවන් ගැන. ඒක හොඳ දෙයක්. හැබැයි දේශපාලනය කරන කොට එක මතයකුයි, තමන්ගේ පවුලේ සාමාජිකයින්ගේ සුබසිද්ධිය උදෙසා වෙනත් පරස්පර මතයක සිටීම, මම හිතන්නේ ඒක ඇත්ත වශයෙන්ම සුදුසු නෑ. අපිට පුළුවන්ද මේ රටේ හතළිස් එක් ලක්ෂයක් සිසු පරපුරට නිදහස් අධ්‍යාපනය ලබා දෙන යම් යම් පහසුකම් පහළ මට්ටමක තියෙන තැනක විකල්ප ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න එපැයි කියලා අපිට තහංචි දමන්න පුළුවන් ද? අපි කළ යුත්තේ තහංචි දැමීම නොවෙයි. මේ රටේ සිසු පරපුරට තියෙන අධ්‍යාපන අවස්ථාවන් වැඩි කිරීම. හැබැයි ඒක කරන අතරතුර අපි කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන විප්ලවයේ ඊළඟ පියවර තබන්න. නිදහස් අධ්‍යාපනයේ  මේ වැරදි ක්‍රමවේදය තුළ අපි කෙළින්ම දරුවන්ව යවන්නේ ලිප්ටන් වට රවුමටනේ. කොටුවටනේ. ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහටනේ. ඇත්තවශයෙන්ම අපි ක්‍රමයක් හදන්න ඕන. අලුත් විෂය නිර්දේශ ක්‍රමවේදයකට අපි අනිවාර්යයෙන්ම යන්න.”

සමගි ජන බලවේගයේ වෘත්තීය දේශකවරුන් සමග කොළඹ දී පැවති සමුළුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩන් ව්‍යාපාරිකයෙකුගෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රු. මිලියන 10ක පරිත්‍යාගක්!

"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට...

ව්‍යාපාරිකයකුට වෙඩිතැබීමට පැමිණි සිව්දෙනෙක් අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු වෙඩිතබා...

9 දා බැරිවෙච්චි අයට, 11 දා FREE.

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන්...

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...