*
Monday, September 23, 2024
spot_img

Latest Posts

දිනන අපිට කලබලයක් ඕනේ නෑ. කලබලයක් ඕනේ පරදින අයට – අනුර

කොළඹ LNW:මැතිවරණ ජයග්‍රහණයෙන් පසු යම් කලබලයක් ඇති විය හැකි බවට ගෙන යන ප්‍රචාර තුළ පරාජයට පත්වන පාර්ශවය විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීමේ සූදානමක් පිළිබඳ සැකයක් මතුවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ජයග්‍රහණය කරන අපට අවශ්‍ය වන්නේ සාමකාමී මැතිවරණයක් බවයි දිසනයක් මහතා කියාසිටියේ.

”ජයග්‍රහණයෙන් පස්සේ මහා කලබලයක් ඇතිකරන්න එනවලු. දිනන ජන්දය,ආණ්ඩුව හදන ජන්දය. අපිට ඕනේ සාමකාමී ජන්දය. පරදින අයට තමයි කලබලය ඕනේ. පරදින අයට තමයි ගැටුම ඕනේ. පරදින අයට තමයි සමාජ අස්ථාවරත්වයක් ඕනේ. දිනන අපිට වුවමනා සාමකාමිත්වය. ඒ නිසා මැතිවරණය දක්වාත්,මැතිවරණ දිනයේදීත් මැතිවරණයෙන් පසුවත් උපරිම ලෙස සමකාමීත්වය රැකීම සඳහා මැදිහත්වෙන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. හැබැයි ඒගොල්ලෝ නැවත නැවත මේක කියනකොට මේක පිටුපස යම් කුමන්ත්‍රණයක් තියනවද කියන සැකය අපිට තියෙනවා. ඒ නිසා අපේ කිසි සාමාජිකයෙක් ගල් කැටයක්වත් අතට ගන්න එපා. හොඳට ඉන්න ඔඑන්. ජයග්‍රහණය සමරන්නනේ ඉන්නේ. අපේ පොලීසියේ මහත්වරුන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත හරහා ආණ්ඩුවක් මාරුකර ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදය. අපේ රටේ පොලීසිය අපේ රටේ හමුදාව,අපේ රටේ විශ්ර්ෂ කාර්ය බලකාය ඉන්නවා.මේ සියල්ලක් බැඳී ඉන්නවා අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්න. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න. ඒ නිසා පරදින පාර්ශවය විසින් යම් කුමන්ත්‍රණයක් ඇති කිරීමේ සූදානමක් තියෙනවා නම් ව්‍යාපාරයක් හැටියට එය වැලැක්වීමට අපි වැඩ කරනවා වගේම ව්‍යවස්ථානු කූලව පැවරී තිබෙන රාජකාරිය පොලීසිය,හමුදාව, විශේෂ කාර්ය බලකාය විසින් ඉටුකරයි කියන දැඩි විශ්වාසයක් අපි තුළ තිබෙනවා. ” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ ඊයේ (12) අම්බලන්තොට දී පැවති මහජන රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan