*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ප්‍රචණ්ඩත්වයයි, ආගමයි යොදාගෙන දේශපාලනය මතය වෙනස කරන්න හදන්න එපා. ඒවයෙන් දැන් වැඩක් නැහැ – නලින්ද

කොළඹ LNW:ජාතික ජන බලවේගයට එරෙහිව ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිර්මාණය කිරීමට මෙන්ම ආගම පදනම් කරගනිමින් දේශපාලන මතය විකෘති කිරීමේ උත්සහයක් පවතින බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.

ඒ, අද (13) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

විශේෂයෙන් සමඟි ජන බලවේගයේ වේදිකාවෙන් එම පහත උත්සාහයන් ගනිමින් සිටින බවටයි ඔහු සඳහන් කළේ.

” ඉදිරි දවස පහේ හයේ තව තව දේවල් සිද්ධ කරයි. අපිට ආරංචියි බීමතින් පාරේ යන අය පවා බිම වැටිලා තුවාල වෙලා රෝහල් ගත කරලා ඒ අයගේ අතට කියක් හරි ලබා දීලා වොයිස් කට් අරගන්නවා මාලිමාවට ජන්දේ දෙන්නේ නැහැ කිව්වා කියල පහර දුන්නා කියල. එවැනි සිදුවීමක් දෙකක් රෝහල්වලින් වාර්තා වෙලා තියෙනවා. ඒ ගානට මේගොල්ලෝ වැටිලා තියෙන්නේ. හැබැයි මතක තියා ගන්න,සජිත්,නාමල් ,රනිල් සහ තවත් ඔය එක්කෙනෙක් දෙන්නෙක් අපේක්ෂකයෝ ඔබ හිතනවා නම මේ ජනතාව අර 2022 ට කලින් හිටපු ජනතාව කියල ඒක ඔබට වැරදිලා. මේ ඉන්නේ අලුත් ජනතාවක්.ඒ අලුත් ජනතාව ලෑස්තියි අලුත් පාලනයක් තෝරාපත් කර ගන්න. ඒ නිසා මේ හදන්න හදන ප්‍රචණ්ඩකාරී සිදුවීම් ඒවා අප මත පටවන්න දරන උත්සාහය කිසිසේත්ම ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. ඉතාම ඵල රහිතයි. අපි ජනතාවටත් කියනවා මේ සිදුවීම් ගැන අවධානයෙන් ඉන්න.ඔබේ ප්‍රදේශයේ,ඔබේ ආයතනයේ මාලිමාව මත පැටව කවුරු හරි ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්න උත්සහ කරනවා නම් ඒක ප්‍රතික්ෂේප කරන්න. ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. ඔබ අපට දැනුම් දෙන්න.අපි ඒ අය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න,අධිකරණ ක්‍රියාමර්ග ගන්න සූදානම්.

ඒවගේම තමයි අනික් පැත්තෙන් බොළඳ උත්සහයක් දරනවා ආගම සම්බන්ධ කරගනිමින් මාලිමාවට මඩ ගහන්න. මේ රටේ මහා නායක ස්වාමීන් වහන්සේලාගේ ඉඳල මහා සංඝරත්නය,කාදිනල්තුමා ඇතුළු කතෝලික පූජකතුමන්ලා,මව්ලවිතුමන්ලා,හින්දු පූජක තුමන්ලා ආදී කොටගත් අපේ රටේ පූජ්‍ය,පූජක පක්ෂය, ඒ ආගම් අදහස මේ රටේ ජනතාවත් සාතිශය බහුතරයක් දන්නවා අපි කවුද කියන එක. අපි කොහොමද ගම්වල වැඩකටයුතු කරන්නේ කියන එක. ඒ නිසා ජන්දයට ඔන්න මෙන්න තියල සමහර හාමුදුරුවන් වහන්සේලා නමක් දෙනමක් පාවිච්චි කරලා කරන්න හදන මේ වැඩේ අන්තිම පහත් දේශපාලන උපක්‍රමයක්. මේකත් එන්නේ සජබේ වේදිකාවෙන්,සජබ ක්‍රියාකාරිකයින් හරහා. අගම සම්බන්ධයෙන් අපි අපේ මතය බොහොම පැහැදිලිව ප්‍රකාශයට පතකරලා තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වැනි වගන්තිය එලෙසම ආරක්ෂා කරන බවට ඒ වගේම අලුත් ව්‍යවස්ථාවටත් ඒ වගන්තිය ඇතුල් වෙන බවටත් අපි පැහැදිලව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ගැන අපේ රටේ මහ නායක හිමිවරු, අනුනායක හිමිවරු අපෙන් කවදාවත් ඒ ගැන ප්‍රශ්න කරලවත් නැහැ. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිසිදු තැනක නැති වාක්‍යයක් අල්ලගෙන අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා යැයි හැඟවෙන ආකාරයට වචන එහාට මෙහාට කරලා මේගොල්ලෝ වෙන සැලස්මක් දියත්කරමින් ඉන්න බව පේනවා.”

ඒ අනුව ප්‍රචණ්ඩත්වය මෙන්ම ආගම පදනම් කරගෙන දේශපාලන මතය වෙනස් කිරීමට දරන උත්සාහය ඉතා පහත උපක්‍රමයක් වන අතර එය ජනතාව විසින් දැන් ප්‍රතික්ෂේප කර තිබෙන බවයි නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan