ආගමන විගමන පාලක ජනරාල්ට වැඩ වරදී – ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබාදුන් නියෝගය මෙන්න !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටියට එරෙහිව චෝදනා පත්‍ර ගොනුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියෝග කර තිබේ.

ඒ, විද්‍යුත් වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන් අතුරු නියෝගය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලූ අවස්ථාවේදී ය.

විද්‍යුත් වීසා ක්‍රමය යටතේ වීසා නිකුත් කිරීම අත්හිටුවීමට ලබාදී ඇති අතුරු නියෝගය අනුව කටයුතු කිරීමේදී ප්‍රායෝගික ගැටලු පවතින බවට ආගමන විගමන පාලකවරයා කර ඇති දැනුම් දීමක් අනුව ඔහු අධිකරණ නියෝගයක් උල්ලංඝනය කර ඇති අතර එයින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දී ඇත.

පැමිණිල්ල ලබන 25 වනදා යළි කැඳවන ලෙසත් විනිසුරු මඬුල්ල විසින් නියම කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...