අපේ ප්‍රතිපත්ති නවීකරණය විය යුතුයි. රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කළ යුතුයි – නාමල් රාජපක්ෂ

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමන්ට අවශ්‍ය වී ඇත්තේ රටේ අනාගත පරපුර රැකියාගත කිරීමට සහ ව්‍යාපාරිකයින් කිරීමට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“එදා සැලසුමක් සහිතව අපි සංවර්ධනය ගෙනාවා. අපට දැක්මක් තියෙනවා. මේ සංවර්ධන වැඩසටහන අවාසනාවට 2015න් පස්සෙ නතර වුණා. මම විශ්වාස කරනවා අපේ ප්‍රතිපත්ති නවීකරණය වෙන්න ඕනෙ. අදට ගැලපෙන විදියට රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කරන්න ඕනෙ. මට ඕනෙ අපේ රටේ අනාගත පරම්පරාව රැකියාගත කරන්න, ව්‍යාපාරිකයො කරන්න. අපි අපේ සංස්කෘතිය රකින්න ඕනෙ. අපි සත්ව හිංසනය නවත්වන්න අවශ්‍ය සියලුම නීති රීති අපි ගේනවා. හැබැයි අපි ඒ එක්කම අපේ සංස්කෘතීන් ආරක්ෂා කරන්න ඕනෙ. අපි මේ රට හදනවා, අපට හදන්න පුළුවන්, අපි හදලා තියෙනවා මීට පෙර”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...

කාන්තා පාපන්දු පරාජයන් හී ඇත්තේ දොස්වලට වඩා හිස්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාව ආසියානු කුසලාන...