පහර කෑ දැරිය මාසයක් තිස්සේ දැඩි සත්කාර ඒකකයේ. පහර දුන් ගුරුවරියන් දෙන්නා ඇප මත නිදහස් !

Date:

පාසල් සිසුවියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාසල් ගුරුවරියන් දෙදෙනෙකු ඇප මත නිදහස් කිරීමට මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියම කර තිබේ.

මෙසේ ඇප මත නිදහස්ව ඇත්තේ වෙන්නප්පුව නගරයට ආසන්නයේ පිහිටි ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකි.

මේ ගුරුවරියන් දෙදෙනාගෙන් පහරකෑමට ලක්වූ දැරිය මාසයකට වැඩි කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්වය සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් කිසිවක් ප්‍රකාශ නොකළ බවයි ඇයගේ දෙමව්පියන් සඳහන් කළේ.

එම දැරියට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් ලක්ෂ තුනක සානුකම්පිත දීමනාවක් ගෙවීමට ද මාරවිල මහේස්ත්‍රාත්වරයා සැකකාර ගුරුවරියන් දෙදෙනාට නියෝග කර ඇත.

15 හැවිරිදි එම දැරියට යම්කිසි සිදුවීමක් සම්බන්ධයෙන් එක් ගුරුවරියක් බරපතළ ලෙස පළමුව පහරදී ඇති අතර, පසුව අනෙක් ගුරුවරිය අව්වේ දණගස්වා කොස්සකින් පහරදී ඇති බව සඳහන් ය.

එහිදී අදාළ දැරිය ක්ලාන්ත වී ඇති අතර, පසුව ඇයව ඔසවාගෙනවිත් මේසයක් මත අතහැරීමේදී ඇයගේ හිස එහි වැදී ඇති බවද වාර්තා වී තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය සේවා දින තුනක් තුළ යථා තත්ත්වයට!

කොළඹ LNW:ඉදිරි දින තුනක කාලයක් තුළදී මහනුවර දිස්ත්‍රික්කයේ විදුලි...

පිටරටින් එන මානුෂීය ආධාරවලටත් සහනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වය හමුවේ විදේශයන්හි සිට මෙරටට මානුෂීය...

හිටපු අමාත්‍ය සී. බී. රත්නායක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිටිය යුත්තේ ඇයි?