පුටින්ගේ තර්ජන මධ්‍යයේ ස්ටාමා හදිසියේම බයිඩන් හමුවේ

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් රාජධානියේ අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමා හදිසියේම ඊයේ(13)දිනයේදී ධවල මන්දිරයේදී එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් හමුවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

රුසියාවට බෝම්බ හෙලීමට බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර දීමට එක්සත් රාජධානිය එකඟ වූ බවට ඔවුන් විසින් ඇඟවුම් කිරීමෙන් පසු, බටහිරින් නිෂ්පාදිත දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට ඉඩ දීම නේටෝව යුද්ධයට සමාන වන බවට බ්‍රහස්පතින්දා (12)පුටින් අනතුරු ඇඟවීමෙන් අනතුරුව ස්ටාමා මෙලෙස බයිඩන් හමුව තිබේ.

සාකච්ජාවෙන් අනතුරුව ස්ටාමා මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ, රුසියාවට බෝම්බ හෙලීමට Storm Shadow මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර දීම, මැදපෙරදිග සහ ඉන්දු-පැසිෆික් ඇතුළු ගැටළු ගණනාවක් පිළිබඳව දිගු හා ඵලදායී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, උපායශීලී තීරණ ගැන උපායශීලීව කතා කළ බවයි.

කෙසේ නමුත් වෙනත් ආරංචිමාර්ග පවසන්නේ පුටිනේ තර්ජන බයිඩන් ගණන් නොගෙන ප්‍රතික්ෂේක කළ බවත් මේ වන විට ස්ටමාගේ ජනප්‍රියතාවය බිඳ වැටෙමින් පවතින බවත්ය. යුක්රේනයට දිගු දුර මිසයිල භාවිතා කිරීමට අවසර දීමට ලන්ඩන් සහ වොෂින්ටනය තීරණය කර ඇති නමුත් එය ප්‍රකාශ කිරීමට තවමත් කැමැත්තක් නොමැති බව බ්‍රිතාන්‍ය ආරංචි මාර්ග සඳහන් කරන්නේ,

මෙම රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් සහ එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී ද පැමිණ සිටියහ. අනෙකුත් බ්‍රිතාන්‍ය සහභාගිවන්නන් අතර ජාතික ආරක්ෂක උපදේශක ටිම් බැරෝ සහ ස්ටාමර්ගේ මාණ්ඩලික ප්‍රධානී සූ ග්‍රේ ඇතුළත් විය. මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය නිවේදනය කර තිබුණේ එක්සත් රාජධානියේ අවශ්‍යතාවය මත හදිසියේම මෙය සංවිධානය කළ බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...

ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...