*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

සයින්දමරුදු වේදිකාවේදී අනුර ජාතිවාදී දේශපාලනය පතුරු ගහයි!

කොළඹ LNW: එහෙට මෙහෙට පනින දේශපාලනය මෙන්ම හැංගි හොරට කරන ජාතිවාදී දේශපාලනය නතර කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ සයින්දමරුදු හි පැවති මහජන රැළිය අමතමිනි.

උතුරට,දකුණට, නැගෙනහිරට එකම කතාව කියන එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය වන අතර ජනතාවට තෝරාගැනීමට ඇති එකම දේශපාලන වේදිකාවද ජාතික ජන බලවේගය බව දිසානායක මහතා කියාසිටියේය.

”මුස්ලිම් මිනිස්සු මියයන විට භූමදානය කරන්න දෙන්නේ නැතුව ආදාහනය කළා. කවුද ආණ්ඩුව පොහොට්ටුව. දැන් කෝ ඒ පොහොට්ටුව? ඒ පොහොට්ටුවේ බහුතරයක් ඉන්නේ දැන් රනිල් වික්‍රමසිංහ ගාව. එදා ජාතිවාදය වපුරපු පොහොට්ටුව,භූමදානය කරන්නේ නැතුව ආදාහනය කරන්න කියල තීන්දු ගත්තු පොහොට්ටුව,අද ඉන්නේ රනිල් වික්‍රමසිංහ ගාව. අද පොහොට්ටුවේ නායකයා රනිල්. අනිත් අය කා ගාවද ඉන්නේ?පොහොට්ටුවේ සභාපති ජී.එල්.පීරිස්, මුස්ලිම් ජනතාව ආදාහනය කරන්න කියල තීන්දු ගනිද්දී කැබිනට්ටුවේ හිටපු ජී.එල්.පීරිස් කොහෙද ඉන්නේ? සජිත් ප්‍රේමදාස ගාව. මුස්ලිම් ජනතාව ආදාහනය කරන්න කියල තීන්දු ගනිද්දී ඩලස් අලහප්පෙරුම එදා ඇමති අද කොහෙද ඉන්නේ ? සජිත් ප්‍රේමදාස ගාව. ආදාහනය කරන්න ඕනේ කියල මත හදපු නාලක ගොඩහේවලා අද කොහෙද ඉන්නේ?සජිත් ප්‍රේමදාස ගාව. ඒ නිසා රනිල් දිහා බැලුවත් පොහොට්ටුවේ පළුවක් එතන. සජිත් දිහා බැලුවොත් ජාතිවාදය වපුරපු කණඩායම සජිත් ගාව. ඒ ජාතිවාදී මඩගොහොරුවේ නොගිලුණු එකම ව්‍යාපරය ජාතික ජන බලවේගය විතරයි. මම අහන්නේ කවුද තෝරාගන්න ඉන්නේ. තෝරාගන්න වෙන්නේ ජාතික ජන බලවේගය.

ඒ විතරක් නෙවෙයි මේ දේශපාලනයේ කැත සූදුවක් තියෙනවා. එහෙට පනිනවා,මෙහෙට පනිනවා. එහෙන් ගන්නවා. මෙහෙන් ගන්නවා. මේ එහෙට පනින මෙහෙට පනින දේශපාලනය නතර කරන්න ඕනේ නැද්ද? අපේ රට විනාශයට පත් වුණේ එහෙට මෙහෙට පනින දේශපාලනයෙන්. මාසෙකට කලින් පනිනවා. ඊළඟ මාසේ බදාගන්නවා. මොකක්ද මේ දේශපාලනයක්ද? වෙනස් කරන්න ඕනේ නැද්ද? දැන් අර ගීතා නෝනා බලන්න.ගිය සතියේ කියනවා රනිල් තමයි ටොප් කියනවා. මේ සතියේ සජිත් තමයි ටොප් කියනවා. යන අයට ලැජ්ජත් නැහැ. ගන්න අයට ලැජ්ජත් නැහැ. නතර කරන්න ඕනේ නැද්ද මේ දේශපාලනය. දැන් බලන්න චම්පික රණවක. එයා තමයි මහරගම බොදුබල සේනා වේදිකාවට නැග්ගේ. දැන් ඒ චම්පික රණවක සජිත් ප්‍රේමදාසත් එක්ක. රිෂාඩ් බදියුදීන් එයත් සජිත් ප්‍රේමදාසත් එක්ක. මොකද දන්නවද වෙන්නේ. සජිත් ප්‍රේමදාස නැගෙනහිරට එනකොට හකීම් අරගෙන එනවා. චම්පික හංගලා එන්නේ. මාතරට යද්දී හකීම් හංගලා චම්පික අරන් යනවා. මොන දේශපාලනයක් ද මේක. මන්නාරමට යද්දී රිෂාඩ් බදියුදීන් අරගෙන යනවා. චම්පික හංගලා යනවා. ගාල්ලට යද්දී රිෂාඩ් බදියුදීන් හංගලා චම්පික අරන් යනවා. ප්‍රතිපත්තියක් නැති දේශපාලනයක් මේක. අද උතුරේත් එකම කතාව කියන දකුණෙත් එකම කතාව කියන නැගෙනහිර ඇවිල්ලත් එකම කතාව කියන එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය විතරයි. අපි මේ සෙල්ලම කොළ හංගලා ප්ලේ කරන්නේ නැහැ. ඒගොල්ලෝ කොළ හංගලා ගහන්නේ. ඒකම ඇති මේගොල්ලෝ පරාද කරන්න.”

ඒ අනුව එළඹෙන 21 වැනිදා නව ආණ්ඩුවක් පිහිටුවන අතර ජාතික ජන බලවේගය මත ජනතාව තබන විශ්වාසයද එලෙසින්ම රකින බවයි අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan