මහාද්වීපයක් ගිනි ගනී

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ලොව විශාලතම තෙත් බිමවන බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ සිට බොලිවියාවේ වියළි වනාන්තර දක්වා ගින්නෙන් විනාශ වෙමින් පවතින බවත්, ලැව්ගිනි සම්බන්ධයෙන් වාර්තා අලුත් කරමින් ඇති බවත්, බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය වන Inpe විසින් විශ්ලේෂණය කරන ලද චන්ද්‍රිකා දත්ත වාර්තා කර තිබේ.

ඒ අනුව, Inpe විසින් විශ්ලේෂණය කරන ලද දත්ත වලට අනුව දකුණු ඇමරිකාවේ රටවල් 13 තුළම මේ වසරේ මේ වන විට ලැව්ගිනි 346,112ක් ලියාපදිංචි කර ඇති අතර චන්ද්‍රිකා දත්ත වලට අනුව, බ්‍රසීලයේ ලැව්ගිනිවලින් පිටවන දුමාරය සාඕ පවුලෝ වැනි නගරවලට ඉහළින් අහස අඳුරු කර, වයඹ දෙසින් කොලොම්බියාවේ සිට ගිනිකොන දෙසින් උරුගුවේ දක්වා මහාද්වීපය හරහා විකර්ණ ලෙස විහිදී ඇති බව වාර්තා වේ.

බ්‍රසීලය සහ බොලිවියාව ලැව්ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන් දහස් ගණනක් පිටත් කර යවා ඇතත් පවතින නියඟ සහිත වියලි කාලගුණික තත්වය හේතුවෙන් ප්‍රචන්ඩ ලැව්ගිනි තව තවත් වර්ධනය වෙමින් තිබේ. Inpe දත්ත වලට අනුව මෙම මාසයේ වැඩිම ලැව්ගිනි සංඛ්‍යාවක් බ්‍රසීලයේ සහ බොලිවියාවේ වන අතර පසුව පේරු, ආර්ජන්ටිනාව සහ පැරගුවේ දක්වා විහිදේ. වසර මුලදී වෙනිසියුලාව, ගයනාව සහ කොලොම්බියාවට බලපෑ අසාමාන්‍ය ලෙස දැඩි ලැව්ගිනි වාර්තාවට දායක වූ නමුත් මේවන විට ඒවා බොහෝ දුරට පහව ගොස් ඇත.

වෘක්ෂලතාදිය දැවෙන ඝනත්වය නිසා ඇමසන් වනාන්තරයේ ඇති වන ගින්න විශේෂයෙන් දැඩි දුමාරයක් නිර්මාණය කර තිබේ. IQAir.com වෙබ් අඩවියට අනුව, චීනය සහ ඉන්දියාව වැනි ප්‍රසිද්ධ පරිසර දූෂණ උණුසුම් ස්ථාන වලට වඩා. බොලිවියාවේ අගනුවර වන ලා පාස් ද එලෙසම දුමෙන් වැසී ගොස් ඇති බව කියවේ. 2023 කරන ලද අධ්‍යයනයකට අනුව, ලැව්ගිනි දුමාරය ආශ්වාස කිරීම දකුණු ඇමරිකාවේ වසරකට සාමාන්‍ය මරණ 12,000ක් දක්වා සිදුවන බව වාර්තා වන බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...