*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

ඊශ්‍රායලයේ මීළඟ දඩයම යාහියා සින්වාර්

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊශ්‍රායලයේ සිවිල් වැසියන් 1200ක් මරා දමමින් 250ක් ප්‍රාණ ඇපයට ගැනීමට නියෝග කරමින් ගාසා යුද්ධය මුදා හල නව හමාස් නායක යාහියා සින්වාර් ඊශ්‍රායලයේ මීළඟ ඉලක්කය වී ඇත.

ඔක්තෝම්බර් 07 හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලය විසින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මේවන විට පලස්තීන සිවිල් වැසියන් 41,000ක් පමණ මියගොස් ඇති අතර එමඟින් බොහෝ භූමි ප්‍රදේශ සමතලා කර ඇති අතර ජනගහනයෙන් 90% ක් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැර ඇති අතර මිලියන 2.3 ක ජනතාවක් සාගතයේ අද්දරට ගෙන ගොස් තිබේ.

සින්වාර් සඳහා වසරකට ආසන්න කාලයක් පුරා පැවති දඩයම වෙනුවෙන් මේ වන විට දියුණු තාක්‍ෂණය යොදාගෙන ඇති අතර ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සියේ කුඩය යටතේ සිටින බුද්ධි නිලධාරීන්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) විශේෂ මෙහෙයුම් ඒකක, හමුදා ඉංජිනේරුවන් සහ නිරීක්ෂණ විශේෂඥයින්ගේ කාර්ය සාධක බලකායක් හරහා සිදු කරනු ලැබේ. ඊශ්‍රයලය බටහිර හමුදාවන්හි සිටින ඕනෑම සගයකුට වඩා උමං යුද්ධය පිළිබඳ අත්දැකීම් ඇති අතර, එක්සත් ජනපදය විසින් සාදන ලද නවීනතම භූගත රේඩාර් වෙත ප්‍රවේශය ඇත. රහසිගත සංඥා බුද්ධි අංශය 8200 ඉලෙක්ට්‍රොනික යුද්ධයේ ගෝලීය ප්‍රමුඛයා වන අතර දශක ගණනාවක් තිස්සේ හමාස් සන්නිවේදනයට හොරෙන් සවන් දී ඇත.

ඔවුන් දෙවන ලෝක යුද්ධයෙන් පසු බටහිර ලෝකයේ වෙනත් ඕනෑම රටකට වඩා වැඩි පිරිසක් ඝාතනය කර ඇත.

IDF ඇස්තමේන්තු කරන්නේ මුළු භූගත නගරයක් වන ගාසා යට කිලෝමීටර් 500 (සැතපුම් 300) උමං මාර්ග ඇති බවත් සින්වාර් මිනිස් පලිහකින් වට වී සිටින්න බවයි. හේ කෙසේ නමුත් ඊශ්‍රායල් හමුදාව මේ සියල්ල හරහා, ප්‍රකශ කර තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් නොතිබුනේ නම් සින්වාර් සොයා ගැනීම පහසු වනු ඇති බවයි.

පසුගිය ජනවාරියේ ඊශ්‍රායල් හමුදාව සින්වාර් අල්ලා ගැනීමේ සමීපයට පැමිණි අතර එහිදී ඊශ්‍රායල් හමුදාව සින්වාර්ගේ උපන් නගරය වන ඛාන් යුනිස් යට බංකරයක් වැටලීමේදී පලාගිය යුධ නායකයා ඇඳුම් පැළඳුම් සහ ෂෙකෙල් මිලියන 1කට වඩා (පවුම් 200,000කට වැඩි) මුදල් නෝට්ටු වල දමා ගොස් තිබිණ. ඔහු මේ වන විට දේශ සීමාවෙන් එතෙර විය හැකි බවත්, රෆා දේශ සීමාවේ ඊජිප්තු පැත්තේ උමගක සැඟවී සිටින බවට විශ්වාස කෙරේ.

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සින්වාර්ගේ මරණය හෝ අල්ලා ගැනීම හමාස් මිලිටරි සහ පාලන හැකියාවන් විනාශ කිරීමේ ප්‍රධාන යුධ ඉලක්කයක් බවට විශ්වාස කරන අතර ජාත්‍යන්තර වශයෙන් බලවත්වන පීඩනය මධ්‍යයේ ද ඔහු සින්වාර් අල්ලා ගැනීම වෙනුවෙන් දිනපතා නව සැළසුම් සදමින් සිටියි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan