දකුණු ආසියානුවන් මුස්ලිම්වරුට සැලකීම සම්බන්ධයෙන් ඉරානයේ උත්තරීතර නායකයාගේ ප්‍රකාශය ඉන්දියාව හෙලා දකියි

Date:

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමෙනි විසින් සුළු ජාතින් සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍යයේ තබන ලද සටහනක් ඉන්දියාවේ කෝපයට හේතුවී තිබේ.

එනම්’ “මියන්මාරයේ, ගාසා තීරයේ, ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම ස්ථානයක මුස්ලිම්වරයෙකු විඳින දුක් වේදනා ගැන අප නොසැලකිලිමත් නම් අපට අපව මුස්ලිම්වරුන් ලෙස සැලකිය නොහැක” යනුවෙන් සමාජ මධ්‍යයේ තබන ලද සටහන හේතුවෙන් ඉන්දියාව සිය කෝපය ප්‍රකාශ කර ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රක්ෂයක් නිකුත් කරමින් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබුණේ, “වැරදි තොරතුරු සහ පිළිගත නොහැකි බවත් සුළු ජාතින් සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට ප්‍රථම සිය වාර්තාව දෙස බැලිය යුතු බවත්ය.

ඉන්දියාව සහ ඉරානය සාමාන්‍යයෙන් සමීප සබඳතවක් දක්නට ලැබෙන අතර මේ වන විට ඉන්දියාව මැයි මාසයේදී ඔවුන් ඉරානයේ ගිනිකොනදිග වෙරළ තීරයේ ඉරාන වරාය වන චබහාර් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වසර 10 ක කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇත.

කෙසේ නමුත්, මානව හිමිකම් සංවිධාන චෝදනා කරන්නේ 2014 වසරේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා යටතේ මුස්ලිම් ජනතාවට සිදුවන අසාධාරණකම් ඉහළ ගොස් ඇති බවත්, එතැන් සිට, රට මුස්ලිම්වරුන්ට සහ ඔවුන්ගේ ජීවනෝපායට එරෙහි ප්‍රහාර, වෛරී ප්‍රකාශ පිළිබඳ වාර්තා ද වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම මෑතකදී ඉන්දියාවේ අනුමත වූ විශේෂ නීතියකට අනුව, 2014 දෙසැම්බර් 31 ට පෙර මුස්ලිම්වරු හැර ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය සහ පකිස්ථානයෙන් හින්දු බහුතරයක් සිටින ඉන්දියාවට පලා ගිය හින්දු, පාර්සි, සීක්, බෞද්ධ, ජෛන සහ ක්‍රිස්තියානුවන් පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබනු ඇති බව ඉන්දීය රජය විසින් පිළිගැනීමත් සමඟ මුස්ලිම්වරුට වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් අගමැති මොදිගේ රජය විවේචනයට ලක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...