19 යළි බලාත්මක කරනවා නම් ජනපති ගෝඨාභය සමග කෙටිකාලීන එකඟතාවකට එන්න පුළුවන් – හර්ෂ

Date:

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්නේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වුවත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වීමට තම පක්ෂයට හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ප්‍රශ්නය – ඔබතුමන්ලා කියන කාරණාව තමයි ජනතාව මේ ආණ්ඩුව පිළිගන්නෙ නැහැයි කියන එක. හැබයි ඔබතුමන්ලාත් කැමති නෑ මේක භාරගන්න. එතකොට මොකක්ද කරන්න ඕනෙ ?

“අපි භාරගන්න සූදානම්, අපි බෑ කියලා නැහැ. අපි කියන්නෙ රැවුලයි කැඳයි දෙකම බැහැනෙ ආණ්ඩුවට ? ආණ්ඩුව විසින් නෙ මේ අර්බුදය ඇති කළේ ? අපි මේක කරන්නම්, හැබැයි අපි මේක කරන්න නම් අපට යම්කිසි බලයක් තියෙන්න එපැයි මේක කරන්න. විධායක ජනාධිපතිතුමාගේ අතේ බලය තියාගෙන අපට කියනවා නම් මෙව්වා කරන්න කියලා, ඒක විහිළුවක්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් මේ ජනාධිපතිවරයා යටතේ ඔබතුමන්ලා ආණ්ඩුව භාරගන්න කිව්වොත් භාරගන්නවා ?

“ඔව්. අපට හැකියාවක් තියෙනවා එවැනි අවස්ථාවකදී ඉදිරිපත් වෙන්න. 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් අපට පුළුවන් යම්කිසි එකඟතාවකට එන්න. හැබැයි ඒ එකඟතාවට එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වැඩපිළිවෙලක් එක්ක කෙටිකාලීන, අන්තර්කාලීන ආණ්ඩුවකට”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ නෙත් එෆ්. එම්. ගුවන්විදුලි නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ සෙල්ලමින් විදේශ ආධාර අර්බුදයක – නාමල්ගෙන් අනතුරු ඇඟවීමක්!

කොළඹ LNW:ආණ්ඩුව තවදුරටත් විගණකාධිපති තනතුරට පත් කිරීමක් සිදුනොකර කරන...

ට්‍රම්ප් ඇමතූ ඩලස් !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 31,, කොළඹ LNW : ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

සමාජීය අභියෝග අභිබවා ඉන්දියාව ජපානයත් පහුකරගෙන ලොව බලවත් සිව් වන ආර්ථිකය බවට පත්වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඉන්දියාව ජපානය අභිබවා ලොව සිව් වන විශාලතම...

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර...