*
Friday, September 20, 2024
spot_img

Latest Posts

2024 ජනාධිපතිවරණය සහ ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව!

( පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් යාපනය විශ්වවිද්‍යාලයෙහි සේවය කරන කථිකාචාර්යවරුන් පහළොස්දෙනෙකු විසින් සාමුහිකව ඉදිරිපත් කරන නිවේදනය )

කොළඹ LNW:මෙම සැප්තැම්බර් 21 වන දින ලංකාව තම නවවන විධායක ජනාධිපති තෝරා ගැනීම සඳහා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. 2022 වසරෙහි රටෙහි ඇතිවූ දරුණු ආර්ථික අර්බුදයත් එයත් සමඟ මතුවූ මහජන නැඟිටීම් ආදියටත් පසුව රට මුහුණ දෙන ඉතාමත් වැදගත් මැතිවරණය මෙය වෙයි.

දරුණූ ආර්ථික අර්බුදයකට හසුවී සිටින මෙම රටෙහි ජීවන වියදම ගතවූ වසර දෙක තුළ කීප ගුණයකින් වැඩිවී ඇත. දුඟීබව සහ රැකියා විරහිතභාවය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව සිටියි. පොහොර සහ භූමිතෙල් යනාදිය සඳහාවූ සහන කපා දැමීම හේතුවෙන් ගොවින්ගේ සහ ධීවරයින්ගේ ජීවනෝපාය කෙරෙහි මහත් බලපෑමක් සිදුකර ඇත. පොලී අනුපාත වැඩිවීම සුළු ව්‍යාපාරිකයන්ගේ ආදායම කෙරෙහි බලපෑමක් ඇතිකර ඇත. ඉඳිකිරීම් ක්‍ෂේත්‍රයෙහි ඇතිවී පවතින බිඳවැටීම හේතුවෙන් නාගරික අනියම් කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ රැකියා අවස්ථා අඩුවී ඇත. ජීවන වියදම වැඩිවීම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තයෙහිද වතුකරයෙහිද රැකියා කරන කාන්තාවන්ගේ ආදායම අඩුවී ඇත. ප්‍රවාහනය, ඉන්ධන සහ විදුළිය බිල වැඩිවීම හේතුවෙන් ගුරුවරුන් ද ඇතුළත්ව රාජ්‍ය සේවයෙහි නියුතු අය ඉතාමත් දැඩි පීඩාවට පත්ව සිටිති. රජයේ වියදම් අඩුකර ඇති හෙයින් නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය සේවා කෙරෙහි බාධා ඇති වී ඇත. ජනතාවගෙන් බහුතරය විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රැකියා අවස්ථා සොයා විදෙස් ගතවෙමින් සිටියි. මෙම තත්ත්වයන් අපි දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුතරය ලෙසින් ජීවත්වන උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් නිරීක්‍ෂණය කරන්නෙමු. මත්ද්‍රව්‍ය භාවිතය වැඩිවීම, තරුණයන් අතරෙහි වර්ධනය වන ආයුධ සංස්කෘතිය, ප්‍රචණ්ඩත්වය සහ ඉන්දීය ධිවර යාත්‍රාවල ප්‍රශ්නය යනාදිය උතුර අමතරව මුහුණ දෙන ප්‍රශ්න ලෙසින් පවතියි.

තත්ත්වය මෙලෙසින් අයහපත් ලෙසින් පවතින තත්ත්වයක් තුළ රට ආර්ථික අර්බුදයට තල්ලු කළ දේශපාලකයන්ගෙන් බහුතරයක් තවමත් අමාත්‍යවරු ලෙසින් කටයුතු කරති. දූෂණවල යෙදී රටේ සම්පත් සහ දේපළ කොල්ලකෑ පුද්ගලයෝ තවමත් නිදහසේ සැරිසරමින් සිටිති. වර්තමාන පාලකයෝ ඉතාමත් නරක ලෙසින් ගතවූ වසර පහ තුළ මෙම රට පාලනය කර ඇත. ජනතාව මෙම තත්ත්වය පිළිබඳව අතෘප්තියෙන් පසුවෙයි.

මෙවැනි තත්ත්වයක් තුළ 2022 වසරෙහි ජනතා නැඟිටීමෙහි කේන්ද්‍රීය කරුණවූ ක්‍රම වෙනසක් අවශ්‍යයි (ිහිඑැප ජය්බටැ) යන සටන්පාඨය වර්තමාන ජනාධිපතිවරණ කාලය තුළ රටේ විශේෂයෙන්ම ලංකාවේ දකුණේ ඉහළ නැඟෙමින් පවතින බවත් අපි දිනපතා දකින්නෙමු. අරගලය තුළින් ඇති නොවුණු වෙනස්වීම් ඡන්දයෙහි මාර්ගයෙන් හෝ ඇතිකර ගත යුතුය යන්න කෙරෙහි ලංකාවේ දකුණේ ජනතාව උනන්දුවෙන් සිටින බව තේරුම් ගත හැකිව තිබේ.

මෙලෙසින් ඓතිහාසික වැදගත්කමකින් යුතු ඡන්දයක් උතුරු නැඟෙනහිර ද රටෙහි වෙනත් ප්‍රදේශවලද වාසය කරන ජනවාර්ගික සුළුතරයට අයත් ජනතාව ඉතාමත් අවධානයෙන් යුතුවත් බුද්ධිගෝචර ලෙසත් භාවිතා කිරීම අවශ්‍යය. ලංකාවෙහි දකුණේ දශක ගණනාවකට පසුව ජාතිවාදය ඉදිරියට නොගත් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රධාන අපේක්‍ෂකයන් විසින් සිදුකරනු ලබන බව අපි දන්නෙමු. ජනතා සුභසාධනය ඉදිරියට ගත් ආර්ථික වෙනස්කම්, පාලන ක්‍රමයෙහි වෙනස්කම්, දූෂණය තුරන් කිරීම වැනි සටන් පාඨ ඉදිරිපත් කරන අපේක්‍ෂකයන්ගේ පිටුපසින් ලංකාවේ දකුණේ ජනතාව අධික ලෙසින් ඒකරාශිවන බවත් අපි ජනාධිපතිවරණ රැස්වීම්වලදී දකින්නෙමු.

දෙමළ, මුස්ලිම් සහ කඳුරට දෙමළ ජනතාව මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ලංකාවේ දකුණේ වෙනසක් සඳහා නැඟී සිටින ජනතාව සමඟ මෙම ජනාධිපතිවරණයෙහිදී ගමන් කිරීම පිළිබඳව අවධානය සොයා බැලිය යුතුය. ඒ අතර රට ගතවූ වසර පහ ඇතුළත ඉතාමත් අයහපත් තත්ත්වයට තල්ලු කළ අයව පරාජය කිරීම ද අවශ්‍යයි.

ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක්, ආගමික පක්‍ෂපාතිත්වයෙන් තොර රාජ්‍යක් ගොඩනැංවීම,යුද්ධ අපරාධ විමර්ශනය කිරීම වැනි කරුණුවල ප්‍රධාන අපේක්‍ෂකයන් ප්‍රගතිශීලි ස්ථාවරයන් නොගැනීම පිළිබඳව අපි පෙන්වා දිය යුතු වන අතරම ආර්ථික අර්බුදයත් දූෂණත් හේතුවෙන් ඇති වූ ආර්ථික සහ දේශපාලනික පරිහානිත් හේතුවෙන් සුළුතර ජන වර්ගයන්ට අයිති ප්‍රජාවත් දරුණු ලෙසින් පීඩාවට පත්ව ඇත යන්න පිළිබඳව අපි සවිඥානිකව මෙම ජනාධිපතිවරණයෙහිදී කටයුතු කිරීම අවශ්‍යයි. ජනවාර්ගික ලෙසින් පමණක් නොව පංතීමය වශයෙන්ද කුල වශයෙන්ද සමාජ ලිංගික වශයෙන් ද රජයේ මර්දනය අපව පීඩාවට ලක් කරන්නේද යන්න පිළිබඳව සිතීම අවශ්‍යයි. අපි අපේ ජනාධිපති තෝරා ගැනීමේදී හුදු ජනවාර්ගික ප්‍රශ්නය සහ එයට විසඳුම් යන්නට පමණක් පටු නොවිය යුත්තෙමු. ඒ වෙනුවට රටේ සමස්ත දේශපාලන ආර්ථික පරිසරය පිළිබඳවත් විමසා බැලීම අත්‍යවශ්‍ය වෙයි. එසේ කටයුතු කිරීමේ මාර්ගයෙන් රටේ ප්‍රධාන දේශපාලනික ධාරාවෙහි සිට අප විසින්ම කොන්වීමක් සිදු නොකර සිටීමට අපි සහතික වෙමු. අපි හුදකලා නොවී අපේ දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් වන අරගල ලංකාවේ දකුණේ ජනතාව සමඟ එක්ව අනාගතයේදී ජයග්‍රහණය කරා රැගෙන යාමට අවස්ථාවන් ඇති කරගැනීම පිළිබඳව මෙම ජනාධිපතිවරණ සමයෙහි සිතිය යුතුය.

අපට දේශපාලන විසඳුමක් ලැබෙන්නේ ජත්‍යන්තරය විසින්ය යන දැඩි විශ්වාසය පිළිබඳවත් අපි සවිඥානිකව සිටීම අවශ්‍යයි. අද පවතින වාතාවරණය තුළ එම විශ්වාසයෙහි පදනමින් පමණක් අපි අපේ ජනාධිපතිවරණ තෝරා ගැනීම් සිදු කිරීම දේශපාලනික වශයෙන් අපව රට තුළ තව තවත් දුර්වල කිරීමට හේතුවනු ඇත.

ආර්ථික අර්බුදය හේතුවෙන් අධික ලෙසින් අපේ තරුණ පිරිස රට අතහැර යෑමේ තත්ත්වය අප විසින් අවසානයක් කරා ගෙන ආ යුතු නම් අපේ සමාජය තුළ ආර්ථික වශයෙන් බෙලහීන ජනතාවගේ ජීවිතයෙහි වෙනසක් ඇති කිරීමට හැකි අයුරින් අපි මැතිවරණවලදී ඡන්දය දීම පිළිබඳව සිතීමට උත්සහ කළ යුතුවෙමු.

මෙවැනි හේතුන් නිසා දෙමළ ජාතිකවාදි දේශපාලනය පමණක් ඉදිරියට දමා ජාත්‍යන්තර අවධානය දිනා ගැනීම අරමුණු කරගෙන ජනාධිපතිවරණයෙහිදී ඡන්දය ඉල්ලා සිටීමත් දෙමළ ජාතිකවාදය පදනම් කරගෙන ජනාධීපතිවරණය ප්‍රතික්‍ෂේප කිරීමත් දේශපාලනික වශයෙන් දෙමළ ජනතාවට පසුබෑමක් ඇති කළ හැකිය. ආර්ථික වශයෙන් දරුණු ලෙසින් පීඩාවට පත්ව සිටින අපේ සමාජත් දූෂණ සහ වෙනත් අක්‍රමිකතා හේතුවෙන් පීඩාවට පත්ව සිටින අපේ රාජ්‍ය ආයතනත් ප්‍රතිසංස්කරණය කර ඉදිරියට ගෙන යෑමට මෙම මැතිවරණ කිසියම් අයුරකින් අවස්ථා සලසන්නේද යන්න පිළිබඳව අපි අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ මඟින් අපේ ආර්ථික තත්ත්වයෙහිද ප්‍රගතියක් අත්පත් කර ගත හැකිය. ලංකාවේ දකුණේ ජාතිවාදය මඳක් පසුබැස ඇති මෙම අවස්ථාවේ සමස්ත ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදි ලක්‍ෂණ සහිතවත් ජාතින් අතරෙහි එක්සත්බව අවධාරණය කරමින් ද දේශපාලනික වෙනසක් ඇති කිරීම සඳහා වන අවස්ථාවක් ලෙසින් අපි මෙම මැතිවරණය දැකීම සුදුසුය යන්න අපේ අදහසයි.

මෙම පදනම මත වර්තමාන පාලකයන්ව ප්‍රතික්‍ෂේප කර ප්‍රගතිශීලි සහ දූෂණ විරෝධි එමෙන්ම රටේ සහ ජනතාවගේ ආර්ථික ගැලවුම කෙරෙහි උනන්දුවක් සහිත වූද 2022 වසරෙහි සිදු කෙරුණු මහජන අරගලයෙහිදී ප්‍රබෝධාත්මකව නැඟී සිටි ප්‍රගතිශීලි දේශපාලන සහ ආර්ථික වෙනස්කම් පිළිබඳ ඉල්ලීම්වලට ක්‍රියාත්මක හැඩයක් ලබා දිය හැකි, විශ්වාසවන්තභාවය සහ නීතියේ පාලනයත් අධිකරණ ක්‍ෂේත්‍රයෙහි ස්වාධීනභාවයත් සහතික කළ හැකි, ජාතින් එක්සත් කළ හැකි අනාගතයක් කරා දෙමළ ජනතාවත් අනෙකුත් ජනවාර්ගික සුළුතරයෙහි ජනයාත් ඡන්දය ප්‍රකාශ කිරීම සුදුසුය යන්න අපි අදහස් කරන්නෙමු. ඒ මඟින් නිදහසටත් සමානාත්මතාවයටත් සඳහා වන දොරටු අපට ක්‍රම ක්‍රමයෙන් විවෘත කළ හැකිය.

අත්සන් තබන්නෝ

ආචාර්ය ඒ. ඇන්ටනිරාජන්, භූගෝල විද්‍යා දෙපාර්තමේන්තුව

ආචාර්ය එස්. අරිවලහන්, ගණිත හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහාචාර්ය පී.අයිංගරන්, රසායන විද්‍යා අංශය

ආචාර්ය එස්. ජීවසුතන්, සමාජ විද්‍යා අංශය

ආචාර්ය ඒ. කදිර්ගාමර්, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුව

මහාචාර්ය ආර්. කපිලන්, උද්භිද විද්‍යා අංශය

ආචාර්ය එන්. රාමරූබන්, ගණිත හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ආචාර්ය එම් සර්වානන්දන්, ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව

එන්. සිවකරන් මහතා, දර්ශන අධ්‍යයනාංශය

මහාචාර්ය ආර්. ශ්‍රීකරන්, රසායන විද්‍යා අංශය

ආචාර්ය ආර්. තර්ෂන්, ගණිත හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

ආචාර්ය එම් තිරුවරන්ගන්, වාග් විද්‍යාව සහ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව

ආචාර්ය එන්.වරතන්, ගණිත හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මහාචාර්ය කේ. විග්නරූබන්, භෞතික විද්‍යා අංශය

එස්. විමල් මහතා, වාග් විද්‍යා සහ ඉංග්‍රීසි දෙපාර්තමේන්තුව

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan