ඡන්ද විමසීමේදී වලංගු හැඳුනුම්පත් / අනන්‍යතා ලේඛන ගැන මැ.කො. නිවේදනයක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හෙට (21) පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා වලංගු අනන්‍යතා ලේඛන සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, අදාළ ලැයිස්තුව පහතින් දැක්වෙන අතර මේ එකක් හෝ හරහා අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත
වලංගු විදේශ ගමන් බලපත්‍රය
වලංගු රියදුරු බලපත්‍රය
රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත( විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ)
වැඩිහිටි හැඳුනුම්පත ( ප්‍රාදේශීය ලේකම් කාඒයාලය විසින් නිකුත් කළ)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන පූජ්‍ය / පූජක හැදුනුම්පත
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන ජාතික හැදුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලිපිය
ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත
මැතිවරණ කොමිෂන් සභාව මගින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

ඉහත සඳහන් ලේඛන හැර සේවා ස්ථානවලින් නිකුත් කර ඇති ඡායාරූප සහිත හෝ රහිත වෙනත් කිසිදු හැදුනුම්පතක් වලංගු නොවන බවයි මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...