රටින් යන්න ගිය ඩෑන්ට වැඩේ වැරදිලා!

Date:

කොළඹ LNW:සමාජ ක්‍රියාකාරිකයෙකු ලෙස පෙනී සිටින ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් හෙවත් ඩෑන් ප්‍රියසාද් ඊයේ (20) දිවයිනෙන් බැහැරවීමට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් තිබුණද ගුවන් තොටුපොළ විසින් ඔහුව හරවා යවා ඇති බව වාර්තා වෙයි.

ඊයේ රාත්‍රී 08.22ට කටුනායක ගුවන්තොටුපලින් පිටත් වීමට නියමිතව තිබූ Emirates ගුවන් සේවයට අයත් EK 653 ගුවන් යානයෙන් රටින් පිටවීමට ඔහු සූදානමින් සිට ඇති බව සඳහන්.

වාර්තා වන අන්දමට ඔහු උත්සහ කර ඇත්තේ එම ගුවන් යානයෙන් මාලදිවයින බලා යාමටයි.

2022 මැයි 09 වෙනිදා ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධයට පහරදීමේ නඩුවේ 06 වැනි සැකකරු ඔහු වන අතර ඒ හේතුවෙන් ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ගල්කිස්ස අධිකරණය විසින් නියෝගයක් ද පනවා ඇති පසුබිමකයි ඔහු රටින් පිටවීමට උත්සහ දරා තිබුණේ.

එහෙත් එම අධිකරණ නියෝගය අනුව ඩෑන් ප්‍රියසාද් ට රටින් පිටවීමට ගුවන්තොටුපල බලධාරීන් ඉඩ දී නැති බවයි වාර්තා වුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...