බිඳ­වැ­ටුණු රාජ්‍ය­යන්ට ගොඩ ඒමට අපේ රට ආදර්ශ­යක්- මුදල් අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ (LNW):

ගෙවී ගිය් වසර 2022දී බංකො­ලො­ත්භා­ව­ය­කට පත්වූ ශ්‍රී ලංකාව මේ වන විට වසර දෙක­හ­මා­රක් වැනි කෙටි කාල­යක් තුළ ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කොට අද වන විට බංකො­ලො­ත්භා­ව­යෙන් මිදීම ආර්ථික වශ­යෙන් බිඳ­වැ­ටුණු රාජ්‍ය­යන් ගොඩ ඒමට ආද­ර්ශ­යක් කර ගත යුතු ලෝක තත්ත්ව­ය­කැයි මුදල් අමා­ත්‍යාං­ශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සම­ර­තුංග මහතා ප්‍රකාශ කළේය.

මේ වන විට, එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 84ක ණය කන්දක් ආපසු ගෙවීම සඳහා තුන් ආකා­ර­ය­කට ණය ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කිරී­මට ආණ්ඩුව සමත් වී ඇති බවත්, ඒ අනුව එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 17.5ක ණය ප්‍රමා­ණ­යක් ප්‍රති­ව්‍යු­හ­ග­ත­ක­ර­ණය කොට සහන ලබා ගැනී­මට ශ්‍රී ලංකාව සමත්වී ඇතැයි ද ඔහු කීය.

ඊට අම­ත­රව කවුරු රට පාල­නය කළ ද ශ්‍රී ලංකාව නැවත ආර්ථික වශ­යෙන් බංකො­ලො­ත්භා­ව­යට පත් නොවන තැනට කට­යුතු කිරී­මට අදාළ අණ පනත් පහක් මේ වන විට ආණ්ඩුව සම්ම­ත­කොට ගෙන තිබෙන බව ද හිටපු ලේක­ම්ව­රයා අව­ධා­ර­ණය කළේය.

හිතු­ම­තේට මුදල් මුද්‍ර­ණය කිරී­මට වැට බඳින ආකා­ර­යට ශ්‍රී ලංකා මහ බැංකු පනත ගෙනැ­විත් තිබේ. හිතු­ම­තේට ජනතා මුදල් දේශ­පා­ලන වුව­ම­නා­කම් මත විය­දම් කිරීම ඇහි­රී­මට රාජ්‍ය මූල්‍ය වග­කීම් කළ­ම­නා­ක­රණ පනත ගෙනැ­විත් තිබේ. රජ­යට ණය පහ­සු­කම් ලබා ගැනී­මේදී දැඩි වින­යක් ඇතිව කට­යුතු කිරී­මට මඟ­පා­දන රාජ්‍ය ණය කළ­ම­නා­ක­රණ පනත ගෙනැ­විත් තිබේ. ශ්‍රී ලංකා ආර්ථි­කය වේග­යෙන් දියුණු කිරීම සඳහා ආර්ථික පරි­ව­ර්තන පනත හඳු­න්වාදී ඇති බවද ඔහු පවසයි.

දූෂ­ණය සහ අල්ලස වැළැ­ක්වී­මට ජාතික දූෂණ විරෝධී පනත සම්මත කොට ඇති බවත්, මේ ප්‍රධාන පනත් පහ ඇතුළු අනෙ­කුත් නීති ප්‍රති­සං­ස්ක­රණ සහ ආර්ථික ප්‍රති­සං­ස්ක­රණ ගැනී­මට ගතවූ දෙව­ස­රක පාල­නය කාලය තුළ සිදුවූ සුවි­ශේෂී කාර්ය බව ද හිටපු ලේක­ම්ව­රයා පැහැ­දිලි කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු විමර්ශන ගෝඨාභයගේ පැත්තට කැරකෙයි? කරුණා අම්මාන් හොරට UK යවපු හැටිත් හෙළිවෙයි!

කොළඹ LNW:පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන අනුව...

ඉතිහාසයේ අදවන් දිනෙක ‘ තෝමස් එඩිසන්ගේ ආලෝකයේ සිහිනය’

සටහන: සශිකලා මධුෂාණී ඉතිහාසයේ අදවන් දිනෙක එනම් 1879 ඔක්තෝබර් 22...

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...