අපිට නව දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ජයග්‍රහණය සාමකාමීව සමරන්න!

Date:

කොළඹ LNW:අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍ය අතර ජයග්‍රහණය සාමකාමිව සමරන ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

ඒ, පංචිකාවත්ත සයිකොජි පෙර පාසලේ ජන්ද මධ්‍යස්ථානයේ දී ඔහු සිය ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

” ලංකා ඉතිහාසය වෙනස්කරන මැතිවරණයක් බවට මේ මැතිවරණය පත්වේවි. කාලයක් තිස්සේ ආණ්ඩු පෙරළන්න,ආණ්ඩු හදන්න,ආණ්ඩු මාරු කරන්න,නායකයෝ මාරු කරන්න ජන්ද පවත්වල තියෙනවා. මම හිතනවා මේ මැතිවරණය තමයි ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍ය වන මැතිවරණය. ජනතාව ඉතාම ප්‍රබෝධවත්ව ජන්දය පාවිච්චි කරමින් සිටිනවා. ඒ වගේම ජයග්‍රහණයෙන් පසුව සියලුදෙනාට සාමකාමී වන ලෙසත් ප්‍රජාතන්ත්‍රවාදයේ ගති ලක්ෂණය තමයි ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයක වැඩ කරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ජන්දය පාවිච්චි කරන්න අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපි දිගටම ආරක්ෂා කළ යුතුයි. ඒ නිසා ජයග්‍රහණයෙන් පසුව කිසිම ප්‍රචණ්ඩත්වයක්,ගැටුම්කාරී තත්ත්වයක් ඇති නොවිය යුතුයි. අපේ රටට අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස හැමකෙනාගේම මතයන්ට ගරු කරන, හිංසාවට පත්වීමේ කාරණයක් නොවිය යුතුයි. ඒ නිසා එම මැතිවරණ ජයග්‍රහණය ඉතා සාමකාමිව,ප්‍රචණ්ඩත්වයෙන් තොරව, කිසිදු ගැටුම්කාරී තත්ත්වයකින් තොරව සමරන්න කියල අපි ජනතාවගෙන් ඉල්ලනවා.”

මේ අතර ජනවරමින් පත්වෙන නව ජනාධිපතිවරයා වෙත වත්මන් ජනාධිපතිවරයා සාමකාමීව බලය හුවමාරු කරගැනීමට කටයුතු කරනු ඇති බවත් ඔහු ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවත් අනුර දිසානායක මහතා තවදුරටත් පවසන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...