2024 ජනාධිපතිවරණය:ජන්ද විමසීම අවසන්!

Date:

කොළඹ LNW:09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා වන ජන්ද විමසීම මේ වන විට අවසන්ව තිබේ.

පෙරවරු 07.00 සිට පස්වරු 04.00 දක්වා කාලය තුළ ජන්දය විමසීම සිදුකළ අතර ඊළඟ අදියර ලෙස ජන්ද පෙට්ටි ගණන් කරන මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදුකරයි.

ජන්ද මධ්‍යස්ථාන 13421කදී මෙම ජන්ද විමසීම සිදුකරන ලද අතර ඉතා උද්යෝගයෙන් ජනතාව ඊට සහභාගී වන ආකාරය දක්නට තිබුණි.

ලියාපදිංචි ඡන්ද දායකයින් ගණන 17,140,354කි.

ඒ අනුව දිවයිනේ සියලුම ජන්ද ගණන් කරන මධ්‍යස්ථානවලදී එම කටයුත්ත රාත්‍රී 08ත් 09ත් අතර ආරම්භ කිරීමට හැකිවනු ඇති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.

දිවයිනේ පිහිටි ගණන්කිරීමේ මධ්‍යස්ථාන 429ක තැපැල් ඡන්ද ගණනය කිරීම සිදුවෙන අතර එම කටයුතු ප.ව. 4ට ආරම්භ කිරීමට නියමිතයි.

සාමකාමී ලෙස ජන්ද විමසීම සිදුවූ අතර ජන්ද ප්‍රතිඵල නිකුත් කිරීමට තිබෙන ඉදිරි කාලය තුළ ද සාමකාමී ලෙස කටයුතු කරන ලෙසත් ජයග්‍රහණයත් සාමකාමී ලෙස සමරන ලෙසත් දේශපාලන පක්ෂ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...