රට කෑවා දැන් ඇති. දැන් යන්න, කරන්න පුළුවන් කෙනෙකුට රට භාරදෙන්න – කාදිනල් හිමි

Date:

රටේ පවතින දූෂිත පාලනය ඉවත් කිරීම සඳහා සියලුම දෙනා පාරට බැස ධෛර්යවන්තව කටයුතු කරන්නැයි කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

“මේ තත්වය දිගටම කරගෙන යන්න දෙන්න බෑ. අපි ඉල්ලා සිටිනවා මේ රටේ සෑම පුරවැසියෙකුගෙන්ම මේ ක්‍රමය වෙනස් කරන්න එකතු වෙන්න කියලා. ඔක්කොමත් එක්කම එකතුවෙලා මේ අයට කියන්න කරුණාකරලා දැන් යන්න, දැන් ඇති රට කෑවා … දැන් යන්න කියලා. ගිහිල්ලා මේක කරන්න පුළුවන් කෙනෙකුට රට භාරදෙන්න. තවදුරටත් මේ අරගලය ලංකාව පුරාම කරගෙන ගිහිල්ලා සියලුමදෙනා පාරට බැහැලා මේ දූෂිත ක්‍රමවේදය ඉවත් කරන්න කටයුතු කරන්න ධෛර්යවන්තව”

කාදිනල් හිමියන් මේ බව පැවසුවේ අද (09) උදෑසන මීගමුවේ පැවති උද්ඝෝෂණයකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...