ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පුහුණුකරු ධුරයට එංගලන්තයේ ක්‍රිස් සිල්වර්වුඩ්

Date:

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයට ක්‍රිස් සිල්වර්වුඩ් තෝරාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද මේ බව නිවේදනය කළේය.

එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 06 කට සහ එක්දින තරග 07 කට ක්‍රීඩා කළ සිල්වර්වුඩ් පසුව එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කළේය. ඔහු ඊට පෙර ට්‍රෙවර් බේලීස් යටතේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

මිකී ආතර් මහතාගේ සමුගැනීමෙන් පසුව මාස කිහිපයක් තිස්සේ ප්‍රධාන පුහුණුකරු ධුරය හිස්ව තිබූ අතර මේ වනවිටත් වැඩබලන පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක මහතා කටයුතු කරයි.

එළඹෙන බංග්ලාදේශ සංචාරයේ සිට සිල්වර්වුඩ් සිය රාජකාරි ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

21 විපක්ෂයේ ජන හඬට එරෙහිව කොළඹදී දැවැන්ත විරෝධයක්!

කොළඹ LNW:එළඹෙන 21 වැනිදා නුගේගොඩදී විපක්ෂය විසින් සංවිධානය කරනු...

වීදිය ගල්, වැලි වලින් ගොඩ නැඟුවද ඊට පාටක් එක් කරන වීදි කලාව!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW):  උතුරු අයර්ලන්තයේ වීදි...

මළගිය ඇත්තන්ට කතාකරන්න දැන් වීජා බෝඩ් ඕනෙ නෑලු!

ඕවින්දි විෂ්මිකානොවැම්බර් 17, ලෝකය (LNW): කැනේඩියානු නළු Calum Worthy...