*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

අනුර, ජනතා අභිලාෂයන් දැන් ඔබේ දෙවුර මතය!

කොළඹ LNW:සුවිශේෂී ජනාධිපතිවරණ ජන්ද විමසීමක් වූ 2024 ජනාධිපතිවරණ ජන්ද විමසීමේ ප්‍රකාශයට පත්ව තිබෙන නිල ජන්ද ප්‍රතිඵල අනුව මේ වන විට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ජයග්‍රහණය තහවුරු කරගෙන සිටින අතර දැන් ඔහුට මැති ඇමතිවරුන්ගේ සුභ පැතුම් පැමිණෙමින් තිබේ.

එකී සුභ පැතුම් කෙසේවෙතත් අනුර කුමාර දිසානායක මහතා විසින් සිය මැතිවරණ වේදිකාවේ පැවසූ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන බහුතරයක් ජනතාව ඔහු සහ ඔහුගේ කණ්ඩායමට ඇහුම්කන් දී ඇති අතර දැන් එය යථාර්තයක් කිරීමට ඔහුටම අවස්ථාව ද දී ඇත.

ඒ අනුව අනුර කුමාර දිසානායක දැන් නියෝජනය කරන්නේ ජනතා අභිලාෂයන්ය.

වසර 76ක දේශපාලන අතීතය විසින් ජනතාව මත හෙලූ පීඩාව ජනතාවද පසෙකින් තබා වෙනස්, අලුත් ගමනක් යාමට අපේක්ෂාවෙන් පසුවෙයි.

ඉතාම සාමාකාමී මැතිවරණය අත්විඳිමින් සිටින අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මේ ලියන මොහොත දක්වාම රතිඤ්ඤා ශබ්දයක් හෝ ඇහුනේද නැත.. එපමණටම සංයමයකින් ජනතාවද කටයුතු කරමින් හිඳිම සැබෑ ලෙසම සුවිශේෂිය.

පොරොන්දු දේශපාලනයෙන් හෙම්බත්කරමින් පොදු පරමාර්ථ අභිබවා පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් දේශපාලන පිටිය හැසිරවූ රටක 2019දී 3%ක ජන්ද ප්‍රතිශතය 2024 වන විට 50% ඉක්මවන තැනට ගෙන එම හිතන තරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. ඒ වෙනුවෙන් ජාතික ජන බලවේගය කොතරම් වෙහෙසක් දැරුවේද යන්න රටේ ජනතාව දුටු අතර ජනතාවද දැන් හොදම විකල්පය ලෙස අනුර කුමාර දිසානායක සහ ඔහුගේ කණ්ඩායම තෝරාගෙන අවසන්ය.

තියෙන දෙයක් තියෙන හැටියට තම්බා ගෙන කා සැපක් නොවිදම මේ බිමේ සියදහස් ගණනක් මිනිසුන් මියැදුණි. ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී ඒ දෙස බලා හූල්ලමින් එය අත්පත්කරගැනීමට සියදහස් ගණනක් ජීවිත සටනක නිරත වෙමින් සිටි පසුබිමක රටක් ලෙස බංකොලොත්භාවයටම ඇද වැටුණු. අවසානයේ ජනතාවට සිය අයිතීන් වෙනුවෙන් අවදි වීමට සිදුවූ අතර අද එය සිය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය විසින් තහවුරු කරගෙනද ඇත.

ඉතින් ඉදිරිය පහසුද නැත. වැටුණු රටක්,ජනතා අපේක්ෂා බිඳවැටුණු රටක් ඔසවා ගෙන යන්නට සිදුව තිබේ. දැන් ජනතා අපේක්ෂා සියල්ල ඇත්තේ අනුර කුමාර දිසානායකගේ දෙවුර මතය. ජනතාවද දැන් සංයමයෙන් බලා සිටින්නේ ඔහුගේ ප්‍රවේශ වීම කෙබඳු විය හැකිද යන සිතුවිල්ලත් සමඟින්ය. අනුරලා පැවසූ ආකාරයට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ජනතාවද දැන් අපේක්ෂා සහගතව පසුවෙයි. අලුත් දේශපාලන සංස්කෘතියක් සමඟ අලුත් වූ ජීවිතයක් අපේක්ෂා කරන ජනතාවගේ අපේක්ෂාවන් මොහොතකට හෝ පසෙකින් තැබීමට නම් දැන් ඔවුන්ට අවසරයක්ද නැත.

අනුර, පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ජනතාව ඔබව දැඩි විශ්වාසයකින් හා ආදරයකින් වැළඳගෙන අවසන්ය. දැන් යළිත් වටයකින් පැමිණෙන්නේද ඔබේම වාරයයි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan