ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව ආණ්ඩුකාරවරුන් දිවුරුම් දෙයි!

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ (LNW):

නව ආණ්ඩුකාරවරුන් අද (25) දිනයේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

මධ්‍යම පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සරත් අබේකෝන් මහතා පත්කර ඇත.

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස නාගලිංගම් වේදනායගම් මහතා දිවුරුම්දී ඇත.

දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ජ්‍යේෂ්ඨ පාරිපාලන නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා දිවුරුම්දී තිබේ.

සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය ලෙස චම්පා ජානකි මහත්මිය පත්කර ඇත.

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළේ අද නව ආණ්ඩුකාරවරුන් 09 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දුන් බවය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය අවසන් කිරීමේ පියවරක් ලෙස ට්‍රම්ප් විසින් සෙලෙන්ස්කි-පුටින් අතර හමුවක් සංවිධානය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...

සරත් ඍතුවෙන් පසුව එළැඹුණු නෙවර්මෝර් ඇකඩමියේ තතු සමඟින් “Wednesday Season 2”

සටහන – පුලී අගෝස්තු 19, කොළඹ (LNW): නෙවර්මෝර් ඇකඩමියට නව...

බොරු ප්‍රචාරවලට අහුවෙන්න එපා. ආණ්ඩුව සල්ලි අච්චු ගහල නෑ!

කොළඹ LNW:පවතින වපසරිය තුළ ආණ්ඩුව මුදල් අච්චු ගැසීමක් අකර...

හිටපු ජනාධිපති රනිල්ව CIDයට කැඳවයි !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ...